Monday, May 7, 2012

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන

ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න...

Sunday, May 6, 2012

පෙනෙන නොපෙනෙන දුරක

දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය ‘පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්’

කවි නැති පෙම

සැමදා ඔබ ළග සිටිය මෙමා
නිකලැල්ප්‍රේමය පිදුව මෙමා
හෙටටත් ඔබ ළග ඉන්නේම්මා
මේ මා ඔබගේ ආදර සුදු තමා

හද තුල සැඟවුණ සෙනෙහස බෝ ඇත්තේ
පවසනු කෙලෙසද නෑ දැනුමක් ඇත්තේ 
මා හට පන්හිද  නෑ ඇත්තේ
එකයි මා නිහඩව ඇත්තේ

සිතට එන වදන් හද තුළ පුරුලා
හදවත මගේ දැන් හොදටම පිරිලා
ලියුමට කවිය නෑමම පෙරුමන් පුරාලා
එකයි ලිව්වෙ මගේ මිතුරෙක් ලවාලා

ස්ත්‍රි අන්ග ලක්ෂණ වලින් කියවෙන චරිතය

ස්ත්‍රි අන්ග ලක්ෂණ වලින් කියවෙන චරිතය ගැන..............

නොසැලකිලිමත් ස්ත්‍රියගේ ලක්ෂණ :
මුහුණ පළල් වීම,මහත් වීම,මුහුණ පිරී තිබීම,නළල ප‍ටුවීම,කතාව තියුණු වීම,ගැබුරු වීම.

Saturday, May 5, 2012

අනේ අපොයි

විසිරුණු හදකි අද මට ඉතිරිව ඇත්තේ
කුමක් කළ යුතුද නැත මට වැටහෙන්නේ
හැම තැනක්ම වර්චස් වීගෙන එන්නේ
සිතමි සිතමි නෑ විසදුම් මට එන්නේ

පැතුවේ එකම පැතුමයි මෙහෙ එන්න කලින්
සිතුවේ නෑනේ නාගන්නට මෙහෙම ඉතින්
අනේ අපොයි කරගත් ගොන් කමක් මේමන්
වැරදුන තැනක් තාමත් සොයනෙමි මේමන්

ළග ළග මරුවා එන බවනම් වැටහෙනවා
කෙරුමට කිසිත් නැති මම අද ලතවෙනවා
හැකියි සිත නොබියව මම සැනසෙනවා
කොහොම වුනත් ළගදීම මට කෙලවෙනවා

සිතමින් විසදුමක් මම සැමදා සිතන විට
දහසක් සිතුම් පැන නගිනවා හිස උඩට
ගන්නට කියා තීරණයක්‌ සිතූ විට
drowing කොස්වක පැමිණේ මග අවුරුමට

නැතේ නැතේ විසදුම තව මට එන්නේ
අනේ අනේ මොනවද මේ මට වෙන්නට යන්නේ
අනේ අනේ කියමින් මම දුක වෙන්නේ
රාහු කාලේ කවදද මගෙ නිමවෙන්නේ