රෑ අදුරට දිලි සදවත සේ
වැලි කතරට වැටි දිය පොද සේ
වැසි බර අහසට හෙන හඩ සේ
මසිත දවා ඔබ යයි මිතුරි
මගේ හද පතුලේ නැගුණු සුපෙම් සඳ
හෙලිකල දා මා දුටුවේ අමාවක
ගණ අදුරට මගේ ලොව පෙරළා ඔබ
නික්ම ගියේදෝ හිරු දුටු පිනි ලෙස
ලං වන සොයුරිය වෙන්වී යන බව
ඔබ ඇසුරෙන් මා ලැබගත් පාඩම
යළි මා නොසොයමි වැසිදිය කතරට
පතනෙමි ඔබ හට සුන්දර පෙම් ලොව
2012/01/20 ලිවුවට පළ කලේ අද 2012/02/05
No comments:
Post a Comment