Saturday, May 5, 2012

අනේ අපොයි

විසිරුණු හදකි අද මට ඉතිරිව ඇත්තේ
කුමක් කළ යුතුද නැත මට වැටහෙන්නේ
හැම තැනක්ම වර්චස් වීගෙන එන්නේ
සිතමි සිතමි නෑ විසදුම් මට එන්නේ

පැතුවේ එකම පැතුමයි මෙහෙ එන්න කලින්
සිතුවේ නෑනේ නාගන්නට මෙහෙම ඉතින්
අනේ අපොයි කරගත් ගොන් කමක් මේමන්
වැරදුන තැනක් තාමත් සොයනෙමි මේමන්

ළග ළග මරුවා එන බවනම් වැටහෙනවා
කෙරුමට කිසිත් නැති මම අද ලතවෙනවා
හැකියි සිත නොබියව මම සැනසෙනවා
කොහොම වුනත් ළගදීම මට කෙලවෙනවා

සිතමින් විසදුමක් මම සැමදා සිතන විට
දහසක් සිතුම් පැන නගිනවා හිස උඩට
ගන්නට කියා තීරණයක්‌ සිතූ විට
drowing කොස්වක පැමිණේ මග අවුරුමට

නැතේ නැතේ විසදුම තව මට එන්නේ
අනේ අනේ මොනවද මේ මට වෙන්නට යන්නේ
අනේ අනේ කියමින් මම දුක වෙන්නේ
රාහු කාලේ කවදද මගෙ නිමවෙන්නේ

2 comments:

  1. මොකෝ යාලු නැට්ටේ ඉදන් ගොමද...?

    ReplyDelete
  2. පෝස්ට් එකනම් නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete