ගීත එකතුව

ඇය යන්න ගියා මැකිලා...
වන සිරසක තුරු සෙවනැලි
අතරේ...
ගී ගයමින් හිඳ මා තුරුලේ...
ඇය යන්න ගියා මැකිලා... . . .
පිනි කඳුලක් මල් පෙති අග
තවරා...
මීදුම් සළුවෙන් මුහුණ වසා...
නිල්ල නිලන නිල කඳු වැටි
අතරේ...
සඳ එළියේ මන් පෙත පාදා...
රහසක් සඟවා..
ගොළු වූ හදකින් යන්න
ගියා මැකිලා...
ඇය යන්න ගියා මැකිලා...
යලි කවදාවත් හමු
නොවනා බව...
මඳ පවනත් හිස අතගා කීවද...
අදහා ගන්නත් නොහැකිය කිසි
දින...
ඈ යලි නොයේතැයි
ගිම්හානෙට පෙර...
ඇය යන්න ගියා මැකිලා... . . .
♥ ♥ ♥ ♥ ♥ ♥ < 3 ♥ ♥ ♥ ♥ ♥ ♥