Monday, January 12, 2015

මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්

අපේ රටේ එක ගීත රචකයෙක් ඉන්නවා. එයා නිදහස් වෙලාවට කරන්නෙ ගෙදරට වෙලා එයගේ විනොදාන්ශය වෙච්ච, ගීත රචනය කරන එකයි නිවඩුවක් ලැබුනු ගමන්ම. ඔන්න එක දවසක් මේ රචකයා ගෙදර ඉන්නකොට, එයාගේ යාළුවෙක් ඇවිත් මෙයාගෙන් උදව්වක් ඉල්ලුවා. ඒ උදව්ව තමා එයාගේ කතාව ගීතයකට පෙරලන්න කියලා,, ඉතින් මේ යාළුවගේ ඉල්ලීමට එකඟ වුනු මේ රචකයා, ඔහුගේ කතාව අහගෙන ඉන්නවා.. යහළුවා මෙහෙම කියනවා.

"මචං උබ දන්නෙ නෑ මචං මං ඉන්න තත්වේ. මං මොනා කරන්නද බං. මේ ගෑනී අරු එක්ක ගිය දවසෙ ඉඳන් ගෙදර නිකන් පිස්සන් කො‍ටුවක් වගේ බං. පොඩි උන් දෙන්නා අඬා ගත්තු ගමන්. මෙයාට තෙරෙන්නෙ නැද්ද බං මේ දේවල්. මං එක්ක තරහක් තිබ්බට කමක් නෑ බං මෙ පොඩි උන් දෙන්නා ගැනවත් හිතල මෙයා ආපහු එනවනම්. කොහොමද බං මේ දේවල් තේරුම් කරන්නෙ. මං දන්නවා මගෙන් එයාට අඩුපාඩුකම් වෙන්න ඇති.. ඒ නිසා එයා මෙහෙම කරනවා ඇති,, පොඩි උන් ගැනයි දුක මට. උබට පුලුවන්නම් මේ ටික ලියලා සින්දුවක් කරපන් බං. මට ගෑනීයෙක් ඔනී නෑ බං මගෙ දරුවන්ට අම්මා කෙනෙක් විතරයි මට ඕනී. "
ඉතා සංවේදීව තම කතාව ඔහුට කියූ යහළුවා ටික මොහොතකින් ගෙදරි පිටව යනවා. පසුව ඔහුගේ පන්හි‍ඳෙන් මෙහෙම ලියවෙනවා...
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්..//
මගෙ පෙම්බරි සමඟ හාදව දුන්නු ගින්දරක්
මට දුන්නු ගින්දරක්...
මගෙ පෙම්බරී අසන් මට මං ගැන දුකක් නොවේ
අපෙ පුංචි පැටවුගේ හෙට කල දවස ගැන දුකයි...//
ඇස් තාරුකා වගෙයි මඟ බලාගෙන හඬයි
මං ගැන හිතන්නෙපා උන් ගැන සිතා වරෙන්..
මගෙ කූඩුවට...
මගෙ වැ‍රැද්දක් නැතත් අගහිඟකම් වුනා තමයි
ඔය පෙම්බරා නුඹේ සිත සොරකම් කලා එයින්.../
උන දේ උනා තමයි නඩු හබ පලක් නෑ ඉතින්
මං ගැන හිතන්නෙපා උන් ගැන සිතා වරෙන්..
මගෙ කූඩුවට...
අපි තීරනයක් ගත යුත්තේ අපි ගැනම පමනක් සිතමින් නොවේ. එයින් පීඩාවකට පත්වෙන දුක් වෙන සියලු දෙනාම ගැන සිතා බව ඔබට වැටහෙනවාද...

උපුටා ගැනීම
මූණු පොතේ  ලස්සන ආදරය පිටුවෙන් 

https://www.facebook.com/lassana.adaraya125?fref=photo

No comments:

Post a Comment