Saturday, April 14, 2012

ආදරය සුන්දර වරදකි ද?

ආදරය කිව්වම අපි කාටත් පොදුමානුෂික හැගීමක කියන එක මමඅමුතුවෙන් කියන්න දෙයක්නැනේ. ඉතින් මේ ආදරය අභියස හොඳ මිනිස්සු නරුමයන් වන්නත් නරක මිනිස්සු හොඳ වන්නත් යාළුකම් නැතිවන්නත් පුළුවන්.. ඒකයි මේ ආදරේ කතන්දරේ.

ඔහොම මේ කතන්දරේ ඇදිල යද්දී මෙහෙම හිතෙනවා මිනිස්සු ආදරේදී හරි බොළදයි කියන්නෙ,  අහ් ඒ විතරක්ද හරි මෝඩයි නෙව.. ඇයි ඇහෙම වෙන්නේ.ආදරේ කියන්නේ මිනිස්සු ලබාගන්න ආස කරන වටිනාම දෙයක්. ඒදේ  ලබාගන්න මිනිස්සු නොකරන දෙයක් නෑ. ඒක හරියට නොලැබුණාම මිනිස්සු කරන්නේ මොනවද කියල මිනිස්සු දන්නෙත් නෑ.
                                        ආදරය කියන්නෙ ආත්මීය බැදීමක් ඒවගේ සාර්ථක බැදීමක් ලබන්න පිං කරන්න ඕන. හුගක් ජිවිත අවුල් වෙන්නෙ මේ ආත්මීය බැදීම නිසි ආකාරව ඇතිවුනෙ නැති වුනාම. පවුල් අවුල් වෙනවා දරුවො අනාථ වෙනවා. මේ තැන නැත්නම් මේ බැදීම හරියට ගැළපෙන කෙනෙක් එක්ක හදා නොගත්තොත් එතනින් එහාට ජිවිතයක් නෑ. මේක ලංකාවේ අ.පො.ස.(උ.පෙ) පාස් වෙනවට වඩා ගේමක්. කියමනක් තියනවනෙ සැබෑ පෙම්වන්තයෝ කවදාවත් එකතු වෙන්නෙ නෑ, එකතු වුන පෙම්වතුන් සැබෑ පෙම්වතුන් ලෙස ඉන්නේ නෑ කියල.
                                      මේ කතාවේ ඇත්තක් තියනවද? මේකනෙ බෝල කතන්දරේ...  මේලෝකේ කොහෙන්ද බං පරිපුර්ණ ගෑණු/මිනිස්සු එහෙව් එකේ කොහොමද සැබෑ පෙම්වතුන් බිහිවෙන්නේ..  ඕව හොඳයි නව කතා වලට. අපි මුහුණ දෙන්න ඕන සැබෑ ලෝකයට. සැබෑ ලෝකේ අපි අපිට ගැළපෙන පෙම්වතියක් හෝ පෙම්වතෙක් හොයාගන්න ඕන. ඉතින් බං මේ හොයාගන්න එකා හෝ එකී හැමදාම අපි එක්ක ඉන්න පුළුවන් එකෙක් වෙන්න එපයි... නැත්නම් එතනින්ම වැඩේ ලොප් නෙව. ඊටපස්සෙ තමන්ගේ යාළුවො අම්මතාත්ත රුස්සන්නෙ නැත්නම් එතනිනුත් වැඩේ හබක්. මේ මොන මඟුල තිබ්බත් වැඩක නෑ බෝල ඒකිව විස්වාස නැත්නම්... මෙව්ව ටිකට හරියන එකියෙක් හොයාගත්ත දාට බොලා  ගොඩ නැත්නම් අල්ලපු ගෙදර එකා ගොඩ...
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනිකෙලියයි
හදවත ලස්සන ගැහැණිය ඇතිතැන ලෝකෙම සැනකෙලියි




අනේ රත්තරනේ හරියන එකක්ම හොයාගනිල්ලා සතියේ දෙකේ වැඩ වැඩක නෑ මයේ දෙයියෝ


මිනිස්සු විවිධාකාරයි දවසෙන් දෙකෙන් කොහොමවත් අදුර ගන්න බෑ. ඒ නිසා බුධියයි හදවතයි දෙකම එකතු කරලා කරගන්න මල දානයක් කරගනිල්ලා ...........

7 comments:

  1. අපි මේ ආදරය ආදරය කියලා කතා කළාට, ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද කියලා කියන්න වචන වලින්ම විතරක් බෑ...
    එක් අයෙකුගේ අදහස් තවත් කෙනෙක් හා බැදිලා, ගැලපීලා, එය ආත්මීය බැදීමක් දක්වාම දිව යන්නේ ඔවුන් දෙදෙනා ආත්ම ගණනක සිට පැවත එන පෙම්වතුන් කරවමින්... . . .
    ඉතින් මේ ආත්මීය බැදීම ඉදිරියට දිව යන්නේ ආදරේ කියන මාවත දිගේ...
    විශ්වාසය මත පදනම්ව දෙදෙනෙක් මේ තබන සෑම පියවරක්ම සතුටිනුයි තියන්නේ... ඉතිං මේ නැවුම් හැගීම සිතට ගෙනදෙන මිහිරත් එක්කම ආදරේ සුන්දරයි කියලා හිතෙන්නත් ගන්නවා... එහෙම හිතෙන්නේ නැත්නම් ඉතිං එතන හදවතක් ඇති මනුස්සයෙක් නැති විය යුතුයි... මේ විදියට ජීවිතේ ආදරෙන් පුරවගෙන ඉදිරියට යන දෙදෙනෙකුට එල්ලවන බාධක අපමණයි... බාධක හමුවේ අසරණවෙන අයත් නැතුවම නෙමෙයි... . . .
    ඉතිං මේ බාධක හමුවේ දුර්වල බැදීම් කඩා වැටෙනවා... එතකොට උපදින්නේ විරහව... ජීවිතේ සුන්දරයි කියලා දනවපු ආදරයම , දැන් විරහව ඉතිරි කරවලා දරාගන්න බැරි දුකක් ඉතිරි කරනවා... ආදරේ කොයිතරම් සුන්දරද කියලා දැනෙන්න නම් මේ විරහව කියන දේත් විදලම තියෙන්න ඕනි... ඉතිං මේ හැමදෙයක්ම හමුවේ ජීවිතෙත් ඉදිරියටම ගෙවිලා යනවා... කලෙක ආදරය, තවත් විටෙක විරහව ඉතිරි කළා නම්, ඒ විරහවෙන්ම ආදරයක් උපදිනකල් දුක් විදින හදවත් බලාගෙන ඉන්නවා... . . .
    මේ මම හිතන විදිය...
    තව කෙනෙක් තව විදියට හිතයි... . . .
    ඒකට කමක් නෑ, වෙනසක් තියෙන්නෙත් එපැයි... . . .

    ReplyDelete
    Replies
    1. අනිවා මචන් ප්‍රශ්න දිහා තමන් බලන විදිහ අනුව හැමදේම වෙනස් වෙනවා

      Delete
  2. "ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනිකෙලියයි
    හදවත ලස්සන ගැහැණිය ඇතිතැන ලෝකෙම සැනකෙලියි"

    ReplyDelete
  3. මං හිතන විදිහට ආදරෙ කියන දේ ඇති වෙන්න ටිකක් කල් යනවා...මුලින්ම කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හෝ කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන හෝ ඇතිවෙන්නෙ ආදරයක් නෙමේ...එය ගොඩක් වෙලාවට හිතේ කැමැත්තක් වගේ දෙයක්..වෙන වෙන ඒවත් ඇති වෙනව ඇති..මේ කැමත්ත ඇති වුන කාලෙදි හදවතට විතරක් ඉඩ නොදී බුද්ධියෙනුත් ක්‍රියා කලොත් ගොඩක් දුරට ඔය කියන විරහවෙන් මිදී නියම සහකරුවා හෝ සහකාරිය සොයා ගන්න පුළුවන්..හැබයි එ කැමත්ත ආදරෙකට පෙරළුනාට පසුව මොකුත් කිරීමට නොහැකි වෙවි...එටකොට තමා නොගැළපිමක් තියෙන්ම් ප්‍රශ්න ඇති වෙන්නෙ...එවා දුර දිග යන්නෙ..හිත් රිදෙන්නෙ..ගොඩක් අය කරන්නෙ හදවතට ඉඩ දීල කැමත්ත ආදරෙකට පෙරලෙන්න ඉඩ අරිනවා...මුලදි බුද්ධිය නොගැළපීම් දුටුවත් හදවත ඒවා නොදැක්ක වගේ ඉන්නවා..කල් යද්දි හදවතට එ නොගැළැපීම් දැනෙන කොට බුද්ධිය අසරණ වෙලා...කර කියා ගන්න දෙයක් නැති වෙලා...එත් රිදෙන්නෙ හදවතටම තමා...මුලින් හදවත බුද්ධිය කිවුව දේ ඇහුව නම් විරහවට ඉඩක් නැත...ප්‍රශ්න ඇති උනත් ආදරය වැඩි වෙනවා මිස අඩු වෙන්නෙ නෑ..

    ReplyDelete