Thursday, April 19, 2012

බුරුලට අල්ලහන්

ජීවිතය ඉස්සරහට ගමන්කරන්න ජිවිතයට අරමුණු අනිවාරෙන් අත්‍යවශ්‍යයි. මේ අරමුණු නැති දවසට ජිවිතේ හරියට එකතැන තියන වාහනයක් වගේ. වටිනාකමක් තිබුනට වාහනේ එකතැනනම් වැඩක් නැනේ.
ඔන්න ඔයවගේ තමයි අපේ ජිවිතත්, දවසක හිනාවෙනවා දවස් ගානක් අඩනවා. වැඩිපුරම අපි කරන්නෙ අපිට ලැබුණේ නැති දේවල් ගැන දුක් වෙන එක. මොකද අපි යමක් තදින් අල්ලාගෙන ඉන්නතාක් අපිට ඒකෙන ගැළවෙන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නැහැ.
                                                   අපි ගිහි ජිවිතේ සැපයි සැපයි කියන කිසිම දෙයක් අපිට අයිති නෑ. කවද හරි අපි මේ හැමදේම දාල යනවා.ගෙනියන්න ඉතුරු වෙන්නෙ අපි රැස්කරගත්ත කුසල හා අකුසල කර්ම ටික විතරයි. අපි ඇති කරගන්නා වූ බැදීම වලින් අනිවාරෙන් අපිට දුක උදාකරල දෙනවා. බැදීමක් ඇතිකර ගන්නවා කියන්නෙ හරියට මි වදයකට ගලකින් ගහනවා වගේ වැඩක්. කොයි වෙලාවේ මි මැස්සෝ අනිවිද කව්ද දන්නේ?
බැදීම කියනදේ හුගක් තදින් අපි බඳුනම දුක වැඩි..  එනිසා හැම දේකම සිමාව අපි වටහා ගන්න ඕනා. නැත්නම් ජිවිතේ වරදිනවා...

1 comment: