Saturday, April 14, 2012

ඔයාට හුගාගාගාගාගාගාක් රිදෙයි

ආදරය  ළග මිනිස්සු අසරණ වෙනවා ඕනෑතරම් ඔයාල දැක්කල ඇතිනේ..
ඇහෙම අසරණ වෙන සමහරු හුගක් මානසිකව කඩාවැටීම් හිත රිදවීම් වලට මුහුණ දෙනවා. සමහරුන්ජිවිතෙන් පවා වන්දිගෙවන අවස්ථා ඔනතරනං  දැකල අහල ඇති... තමන්ට ලබාගන්න ඕන කියන දෙයක් පස්සේ දුවන එකතමා මිනිස්සු කරන්නේ. ඒ දේ ලබාගන්න බැරිවුනතැනදී  මිනිස්සු යකා නටනවා. ඔකතම මනුස්ස සොබාවේ. නමුත් ඒ ප්‍රාථමික ගති ගුණ වලින් අත්වෙලා ඉන්න අපි උත්සහ කරන්න ඕනා..
                                                                  ආදරය කරන්න පෙම්වතියක් පෙම්වතෙකම ඉන්න ඕනද? ඇත්තෙන්ම නෑ. මොකද අපිට යාළුවො යෙහෙළියෝ ඉන්නෙ අපි ඒ අයට ආදරය කරන නිසා.  එනිසා තමයි ඒ අය අපෙන් ඈත් වෙනකොට අපි හඬා වැළපෙන්නේ. ඔය කව්රු කොයි කතන්දර කිව්වත් ඇත්තටම යාළුකමක් තිබුනානම් ඒක බිදුණ දවසට දැනෙනවා යෙහෙළිය, යාළුවා නැති අඩුව.. ඒකතමයි ඇත්ත. නමුත් ඒක ඇත්ත කියල පිළිගන්න අපි කැමති නෑ. යාළුවො වෙන වුනාම ඒ අය දෙපැත්තට වෙලා විදවනවා මට තවටිකක් තව ජුන්ඩක් ඉවසන්න තිබුන නේද? මම එහෙම කල ඒක වැරදියි නේද? මට එහෙම නොකර ඉන්නයි තිබුනේ.. ඕව තමා ඊටපස්සෙ හිතට වදදෙන්නේ.. හොඳට තිබුන යාළුකමක් එකපාර නැතිවුණා කියන්නෙ ඉතින් ආයි මක්කාවත් නෙවෙයි බුට්‌ එකක් කෑවා වගේ තමයි.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...
දැන්  ඉතින් හිතමුකෝ යාළුකම ගහල ගියා කියල.. ඕන්න ඉතින් දෙන්න මුලින් ඇඩේන්න දුක්වෙනවා. ඊටපස්සෙ දෙන්නම මුට්ටි දදා බලනවා කවුද ඉස්සෙල්ලම ශේප් වෙන්න එන්නේ කියල. ඕන්න ඊට පස්සේ ගණන් උස්සනවා මට උබ ඕන නෑ, මම උබව ගණන් ගන්නෙ නෑ, එතන දැන් වෙනමම කතන්දරයක්. ඌට ඕනනම් කතා කරවී මම මොකටද නැවෙන්න යන්නෙ, ඌට මාව එපානම් මටත් එපා.. හෙන කතන්දර තමා එත් ඇත්ත ඇතිසැටියෙන් ගත්තොත් දෙන්නටම දෙන්න ඕනා. හැබැයි මම මේ කියන්නෙ හොඳ යාළුවො දෙන්නෙක් ඇරියස් වුනාම වෙනදේ...
                                                        ඉතින් මොකෙක් හරි ශේපට ආවම අනිත් එකා පොඩි ලයින් එකක් දීල ශේප් වෙනවා. ඊට පස්සේ මතක නෑ මොකාද ශේපේ වෙන්න ආවේ කියල. මේ මොනවා කරන්නත් දෙන්නගෙන් කවුරුහරි ඉස්සෙල්ලම කතා කරන්නම වෙනවා..

මතක තියාගනිල්ලා යාළුවො හුගක් වටිනවා. විශේෂයෙන් තමන් ළගින්ම අස්සරේ කරන කට්ටිය, මම යාළුවො කියල හදුන්න්වන්නේ ගැහැණු පිරිමි දෙපක්ෂයම. ඉතින් යාළුවො නැති කරගන්න එපා හුගක් හිත රිදෙයි. ඔයාට හුගාගාගාගාගාගාක් රිදෙයි

2 comments: