Wednesday, June 6, 2012

එහෙයි

 අද සමාජය තුල වැඩිපුරම දකින්න ලැබෙන පිරිසක් තමයි මේ කට්ටිය.
තමන්ට වාසියක් ලැබෙයි කියල හරි අන්ධනුකරනය නිසා හරි තමයි මෙහෙම අය බිහිවෙන්නේ.. ඉතින් මේ කස්ටිය මොකද කරන්නේ කාටහරි වැදගෙන ඒ අය කියන හැමදේම හරියි කියල හිස්මුදුනින් පිළිගෙන ඒ අය වෙනුවෙන් කඩේ යන පිරිසක් තමයි මේ. අලුතින් දෙයක් හිතන්නේ නෑ   හැමදාම එකම දේ කර කර එකතැන පල් වෙනවා. ඉතින් මේවගේ පිරිස් දැක්කම ඒ අයට අනුකම්පා කරන්න. පුලුවන්නම් ඒ අයව ඒ අදුරු වළා පටලයෙන් මුදවාගන්න.
                                  ඉතින් මෙහෙම අයත් එක්ක වැඩ කරන්න ගියාම තමා  රගේ තේරෙන්නෙ. මොකක් හරි කරන්න පටන් ගත්ත ගමන් "අපි අරගෙන් අහමු බං මෙයාගෙන් අහමු බං " දහසකුත් එකක් ඇසීම තමා තියෙන්නේ. කවුරුහරී එපා කිව්වොත් එක එපාම තමා අළුතෙන් හිතල වෙන විදිහකටවත් කරන්න උත්සහ කරන්නෙ නෑ...
                                  ඉතින් මෙහෙම අයත් එක්ක සමාජීය සංවර්ධනයක් කවදාවත් වෙන්නෙ නෑ. එක එකා මත යැපෙමින් ඔහේ හිස් මිනිස්සු ටිකක් බිහිවෙන එක තමා වෙන්නෙ. ඉතින් මොකටද මෙහෙම පිරිසක්, ඒ වගේ අය වැඩක නෑ කියල සමාජයෙන් කොන් කරන එක නෙවෙයි කරන්න ඕන ඒ අයට අනුකම්පා කරලා හරි මාර්ගය පෙන්නන එකයි යුතුකම. එත් එක බොහොම අමාරු දෙයක් මොකද කාටහරි එහෙයි කියාගෙන ඉන්න මනුස්සයා පිළිගන්නේ එයා කියන එක විතරයිනේ. මේවගේ අය සමාජගත කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි . කවදාවත් මේ අයට ක්‍රෝධ කරන්න එපා.. අනුකම්පා කරන්න......................

No comments:

Post a Comment