Wednesday, April 29, 2015

මේක මගේ පළවෙනි සබ් එක ටිකක් කල් ගියා වැඩේ ගොඩදාන්න හරියන සබ් එකක් හොයන්න උනේ නෑ. අන්තිමට සබ් දෙකක් එකතු කරලා ජරමර ගොඩක් කරලා තමයි වැඩේ ගොඩ දැම්මේ. මේක 2008 වසරේ තිරගත වුන ෆිල්ම් එකක් ටිකක් පරණයි එත් පට්ටයි. මගේ පළවෙනි වැඩේ නිසා අඩු පාඩු තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා හොදේ.. http://www.baiscopelk.com/tashan-2008-with-sinhala-subtitles/

වැඩි විස්තර මොකටද.. මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Saif Ali Khan (ජිමි ක්ලිෆ්) , Kareena Kapoor (පුජා) , Anil Kapoor (බයියාජි) , kshay Kumar (බච්චන්) ජිමි කියන්නෙ ඇමතුම් මධ්‍යස්ථානයක විධායක නිළධාරියෙක් ඊට අමතරව ඉංග්‍රීසි ටියුෂන් කාරණාව. පුජා කියන්නේ බයියාජි කියන මැරයා ළඟ වැඩ කරන කෙනෙක්. බයියාජිට ඕන වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතින් මේ වැඩේට සර් කෙනෙක් හොයන්න වෙන්නෙ පුජාට. මේ අතරේ තමයි පුජාට ජිමි මුණ ගැහෙන්නේ. ජිමි පුජා ගැන හිතක් පහළ වෙනවා. මේ අතරේදී පුජාට බයියාජි බනිනවා හොඳටම. ජිමිට මේක අවුල්. ඉතින් පුජාව එක්කගෙන පැනල යන්න ජිමි තීරණය කරනවා කියන්න අමතක වුනා බයියාජිට සල්ලි එන්නේ කෝච්චියකින් සල්ලි එන ලොකර් එකේ යතුර තියෙන්නේ පුජා ළඟ විතරයි. ඉතින් ජිමියි පුජායි තීරණය කරනවා බයියාජිගේ සල්ලි හොරකම් කරන්න. එයාලට සල්ලි ඕන වෙන්න විශේෂ හේතුවක් තියනවලු. එකනම් මම කියන්නෙ නෑ. සල්ලි ටික හොරකම් කරන්න පුළුවන් වෙයිද? මොකක් වෙයිද ජිමි පුජා ආදර අන්දරයට ඒ ටික බලලම තීරණය කරන්න.

No comments:

Post a Comment