Sunday, February 5, 2012

ඔබට ඇසෙනවද මේ ගී සරේ

මිතුරියේ මා මිතුරියේ
ඔබට ඇසෙනවද මේ ගී සරේ
හද අවුළුවයි ඒ මල්සරේ
ඔබ නික්මුනා මා මිතුරියේ

මෙලොව අඳුරේ තිබුණු මගෙ හද
පිබිදුවේ ඔබ කුසුම විලසට
තිබුණු මිතුදම ප්‍රේම සිතකට
නොසිත පෙරළු වරද මගෙමය

සමා කළ මැන සිදුවූ වරදට
පෑරුවා මම ඔබේ හද ගැබ
ලොවට සඟවමි බිදුණු මිතුදම
කදුළු නොපතමි ඔබේ ලොව වෙත

2012/01/24

No comments:

Post a Comment