Sunday, February 5, 2012

මා මිතුරී

රෑ අදුරට දිලි සදවත සේ
වැලි කතරට වැටි දිය පොද සේ
වැසි බර අහසට හෙන හඩ සේ
මසිත දවා ඔබ යයි මිතුරි

මගේ හද පතුලේ නැගුණු සුපෙම් සඳ
හෙලිකල දා මා දුටුවේ අමාවක
ගණ අදුරට මගේ ලොව පෙරළා ඔබ
නික්ම ගියේදෝ හිරු දුටු පිනි ලෙස

ලං වන සොයුරිය වෙන්වී යන බව
ඔබ ඇසුරෙන් මා ලැබගත් පාඩම
යළි මා නොසොයමි වැසිදිය කතරට
පතනෙමි ඔබ හට සුන්දර පෙම් ලොව

2012/01/20  ලිවුවට පළ කලේ අද 2012/02/05

No comments:

Post a Comment