Sunday, February 5, 2012

සැතපෙන්න මගෙ ළයේ

සුන්දරයි සිහිනයේ

නැවතිලා සිටින තුරු
නුබ ලගයි සැම දිනේ
මගේ පණ තිබෙන තුරු
මට දෙන්න පණ වගේ
ආදරේ මියෙනතුරු
නවතියන් මගෙ ළයේ
උණුහුමට දැනෙනයුරු


සිත්තමින් හැඩ කලේ
නුබේ සිනහ මවනයුරු
දෑස වසමින් මගේ
නුබෙ රුවම දකිනයුරු
සුන්දරයි හද මගේ
නුබ ළගින් හිදින තුරු
සැතපෙන්න මගෙ ළයේ
හද ගැස්ම තිබෙනතුරු

- සනුර  -

No comments:

Post a Comment