Thursday, April 19, 2012

මකුණු දැල් කාමරය

මොකද්ද බං මේ කාමරේක හැටි, උබට මොන යකෙක් වැහියල? බලපන් උබේ හැටි උබත් හොඳයි මේ කාමරෙටම රැවුලත් වවන් නිකන් හරියට සක්කිලියෙක් වගේ..

තුසිත් කාමරේට ආවේ මහා සද්දෙට මේ වචන ටිකෙන් මට මිටමොලවල ගහගෙන.. තිසිත්ට දෙන්න උත්තරයක්‌ මට හොයාගන්න නෑ. මම දන්නවා තුසිත් මේ ටික මට කිව්වේ මගෙත් එක්ක අමනාපෙකට නෙවෙයි කියන එක තුසිතට වඩා මම දන්නවා. ඌට බලන් ඉන්න බෑ මම මෙහෙම පැත්තක ගහගෙන බකන්නිලන් ඉන්නවා.

උබ දන්නෙ නෑනෙ මට තියන ප්‍රශ්න...  මම යන්තම් බේරෙන්න උත්තරයක්‌ දිගත්ත..

හරි කියපන් බලන්න උබට තියන ප්‍රශ්න මොන්නවද? මම උබේ යාලුවෙක්ලුනේ කියහන් බලන්න..
මේකගෙන් අදනම් බේරෙන්න හම්බෙන්නෙ නෑ මට හිතුනේ එච්චරයි.....

මොකදතාම අර පරණ පුරස්නේමද?

මම ඔළුව වනනවා ඇර වෙන මොකක් කරන්නද?
යකෝ කිව්වම දෙයක් අහපන් දෙයක් ලැබෙනවානම් එක ලැබෙනවා.. බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඕක. මනුස්සයෙක් කිව්වම දෙයක් අහපන් බං..  කැමති  නෑ කියන්නෙ කැමති නෑ කියන එකට මිස කැමති කියන එකට නෙවෙයි. අන්න එක තේරුම් ගනින්, මොකද වෙන රටේ ලෝකේ ගෑණු නැතුවද?

හරි බං හරි දැන් කව්ද කිව්වේ මම තාම කැමතිද අහනවා කියල?

කවුරුවත් කියන්න ඕනද බං උබ මේ මගුල ඇතුළේ ගොබ්බය වගේ හිරවෙලා ඉන්න කොට මට තේරෙන්නේ නැද්ද?

හරි බං හරි මට පොඩ්ඩක් මෙහෙම නිදහසේ ඉන්න දියන්කෝ

උබ කවද වෙනකං මෙහෙම ඉන්නද?
මම දන්නෙ නෑ බං..

පොඩ්ඩක් මම කියන දේත් අහපන් බං
......................................................................................................................................................................
...................................................................................................................................
.....................................................................

බලන්න මේ දෙබස් දිහා.
ඔහු ඉන්නෙ මකුණු දැල් බැදුණු අපිරිසිදු කාමරයක. කාමරයට එන ඕනෑම කෙනෙක්ට පෙන්නේ දුවිලි කාමරයක ඉන්න දුවිලි බැඳුන මනුස්සයෙක්ව.. බලන්න ඒ පරිසරය, ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න ඔහුට තමන්ගේ පිරිසිදු බව  තමන්ගේ කාමරයේ පිරිසිදුබව අමතකයි. ප්‍රශ්න හිතේ හිර කරගෙන ඉන්නවා ඔහු කිසිම හවූ හරණක් නැතුව. යාළුවෙක් තනි වුනාම අනිවාරෙන් අනිත් තමන්ලඟින්ම ආශ්‍රය කරපු යාළුවට දැනෙනවා. එහෙම දැනෙන්නෙ නැත්නම් ඒ යාළුකමෙන් වැඩක් නෑ. යාළුවෙක්ගේ ප්‍රශ්නයක් කියන්නෙ එක තමන්ගේ ප්‍රශ්නයක් විදිහට දකින්න පුළුවන් අය අප අතරේ ඉන්නවා. ඉතින් ඔවුන් ඇවිල්ල අපෙන් අනිවාරෙන් අහනවා මචන් මොකද්ද අවුල කියල. අපිට පුළුවන් ඒ අයත් එක්ක කතා කරලා තමන්ගෙ ප්‍රශ්න වලට යම්තාක් දුරකටවත් විසදුමක් ගන්න. මොකද එක ඔළුවකින් හිතනවට වඩා ඔළු කිහිපයකින් හිතනකොට සාර්ථක විසදුමකට එන්න පුළුවන්. මනුස්සයෙක් එක්ක සැපේදීට වඩා දුකේදී ඉන්න ඕන. මොකද දුකේදී ඒ මනුස්සය අසරණ වෙලා වේදනාවට පත්වෙලා ඉන්නෙ. ඉතින් ඔහු අනිවාරෙන්න්ම යාළුවට කටින් නොකීවත් ඔහුගේ උපකාරය බලාපොරොත්තු වෙනවා.
ඔබත් ඔබේ මිතුරන් මිතුරියන් ගැන අවධානයෙන් ඉන්න ඔවුනුත් මෙවන් අත්දැකීමකට මුහුණ දීල නම් ඔවුන්ට ඔබව අත්‍යවශ්‍යම මොහොත එය වෙන්න පුළුවන්.


ඔහුට නිතරම කේන්ති යනවනම්,
නියපොතු කනවනම්,
මාතල ශක්තිය දුර්වල වෙනවනම් ඔහු ඉන්නෙ ප්‍රශ්නයක, 
අනිවාරෙන් ඔබ ඔහුට උපකාර කරන්න.. ඔහුව මානසිකව ගොඩනගන්න. ඔහු නැවත යථා තත්වයෙන් සමජගතකරනවා කියන්නෙ එලොවත් මෙලොවත් ජිවිතයට කරගන්නා ලොකු පිනක්... ඔහුව තේරුම් ගන්න  විසදුමක් දෙන්න ඔහුව තනිකරන්න එපා..............

1 comment:

  1. හොඳ ඔවදනක්! නමට විතරක් යාලුවො වෙලා වැඩක් නෑ. තව කෙනෙකගෙ දුකක් කරදරයක් තේරුම් ගන්න පුලුවන්, ඒ වෙලාවට ඒක තමනගෙ ප්‍රශ්නයක් වගේ හිතල උදව් කරන අය තමා නියම යාලුවො.

    ReplyDelete