Monday, July 23, 2012

දෙහදක් අභියස 01

එක දුරකතන ඇමතුමකින් මගේ මුළු ජිවිතයම වෙනස් වේවි කියල මම කවදාවත් හිතුවේ නෑ. අනේමන්ද වෙලාවකට හිතෙනවා එදා මම ආංස නොකර හිටියනම් හොඳයි කියලා. මොකද දෙයියනේ මේ කදුළු ගංගාවේ උල්පත ඒ දුරකතන ඇමතුම නේද කියල හිතෙනකොට මාවම පිච්චිලා යනවා.
මට ඒ හැඟීම දරාගන්න බෑ. මං වගේ පුංචි කෙල්ලෙක් කොහොම මේ දුක දරාගත්තද කියල මටම පුදුමයි. කවදාවත් වනේ වන හතුරෙකුටවත් මේ වගේ දුකක් නම් වෙන්න එපා. මට තවමත් මතාකයි ඒ දවස අද වගේම..
                                                 ඒලෙවල් ලියලා ඉවර වුනාම දැනෙන නිදහස කියන්න ඕන නැනේ. මමත් ඒ නිදහස උපරිමයෙන්ම විදිමින් උන්නෙ. මට අහුවුනේ වර්ෂා. පොතක් අතට ගත්තොත් කියලා ඉවර කරනකන් මට ඉවසිල්ලක් නෑ. අනේ මන්ද ඒක මගේ පිස්සුවක්ද කොහෙද? අදත් වෙනද වගේම හාන්සිපුටුව උඩට වෙලා පොත කියවන්න ගත්ත. මම කථාව ඇතුළේ කිමිදිලා උන්නෙ. වර්ෂට ඇහුණා පහළ ටෙලිෆෝන් ඒක වදිනවා. ඒක මටත් ඇහෙනවා වගේ. මම ඒ තරමටම කථාව ඇතුළටම කිමිදුනාද? අහ  නෑ නෑ ඒ රිං වෙලා තියෙන්නෙ මගේ ෆෝන් ඒක.. අයියෝ මොන මල කරදරයක්ද මේ., මදැයි පොතක් කියවන්න ගත්තා.. එහෙම හිතාගෙනම මම ෆෝන් ඒක අතට ගත්තා.


හලෝ....
මම ඕනවට එපාවට කිව්වා.
එහා පැත්තෙන්රළු පිරිමි කටහඩක් ගලාගෙන ආවා.
හලෝ.., කුමුදුද කතා කරන්නේ?
නෑ  එහෙම කෙනෙක් නෑ. ඔයාට වැරදිලා..
මේ හොරණ  නෙවෙයිද?
හොරණ නම් තමයි...
අහඃ  එකනේ මට වැරදිලා නෑ.....
හොරණ කිව්වම කොච්චර ගම් තියනවද ඔය දන්නෙ කොහොමද වැරදිලා නෑ කියල, මමඑහෙම කිව්වේ නෝක්කාඩුවට වගේ..
ඒකත්  ඇත්ත තමා
 
කොල්ල හිරවුනා වගේ.., මටත් පුංචි සතුටක් දැනුනා.


මේ මට කතා කරන ඔයා කවුද?
මම තුසිත්  එතකොට ඔයා?
මම රංදි
හ්ම්ම්  ලස්සන නමක්..
මුට පිස්සුද කොහෙද මගේ නමේ ඇති ලස්සනක් නෑ.
මමඑහෙනම් තියන්නම්.,
මොකද හදිස්සි, ඔයා හොරණ කොහෙද?
හදිස්සියක් නෑ මම පොතක් කියවන ගමන්. ඒක තම ලොකුම හදිස්සිය..
කෝ ඉතින් තාම කොහෙද කිව්වේ නැනේ.., මමනම් පිළියන්දල.
මම කුරණ, දන්නවද?
මම තියනවා........


අපෝ ඇති යන්තම් ෆෝන් ඒක තියාගත්තා..


------------------------------------------------------
කාලෙකට පස්සේ අක්කා එක්ක ටවුමේ රවුමක් යන්න ලැබුණා. අපේ අක්කටත් ඉතින් ඇවිදින්න තියනම් ඊට වඩා දෙයක් නෑ. මහරගම රෙදි කඩයක් කඩයක් ගානේ ගිහිල්ලා දැන්නම් මට හොඳ ගණන්.


අක්කා මොනවහරි බෝමුකෝ මටනම් මහන්සි..


ඕව් නංගියේ යමු අපි අර ස්නැක් ෂොප් එකට..


එතන බොහොම පිළිවෙලකට පවත්වාගෙන යන කඩයක්. දැක්කම ඕනෑම කෙනෙක්ට ආස හිතෙන විදිහට කඩේ සකස් කරලා තිබුණා. අපි ඔරේන්ජ් ජුස් දෙකක් බොන්න ගත්තා.. අරගෙන බිම වීදුරුව කටට ගන්න උනේ නෑ ෆෝන් 1 රිං වෙන්න ගත්තා.


අහ: තුසිත්.., මෙතන අක්කත් ඉන්නවා.. අයියෝ


මොකද නංගියෝ කෝල් එක ඔටෝ ආන්ස වෙනකන් ඉන්නවද? කතාකරනවා. මම හිටියට කමක් නෑ.


අනේ අක්කා මොනාද ඔයා මේ කියවන්නේ.. ඔයාටත් පිස්සු තමා..


මම තුසිතට හිතින් බැන බැන කෝල් එක ගත්තා..


හලෝ..... කොහොමද සුදු කොහෙද ඉන්නේ?
මම මේ අක්ක එක්කමහරගමට ආවා වැඩකට මම ඔයාට පස්සෙ කතාකරන්නම්..
යන්තම් ෆෝන් එක තියාගත්තා.


මොකද දඩි බිඩි ගාල ෆෝන් එක තිබ්බේ..
අපොයි දැන් ඉතින් කඩුලු පැනීමේ මහා තරගය අරම්භාවුනා..


නෑ අක්කා මම පස්සෙ කතා කරන්නම් කිව්වා


ඕව් ඒක මට ඇහුණා මොකද මම ඉන්නකොට කතාකරන්න බැරි දේවල් එහෙම තියද දැන්


අනේ එහෙම දෙයක් නෑ සුදු අක්කේ.
හා හා මමත් ඔය වයසපහුකරලා තමයි යෝධියේ මෙතනට ආවේ.
අනේ ඇත්තද? මම හිතුවේ ෂොට් කට් එකකින් ආව කියල..
ආ දැන් එහෙනම් දැනගත්තනෙ ෂොට් කට් එකෙන් ආවේ නෑ කියලා. දැන් මට කියනවකො මේ මාසෙක දෙකක ඉදල වෙච්චි විපරියාසේ සුල මුල..


අයියෝ මෙයා මාව හොඳට නෝට් කරගෙන ඉදල වගේ.. මොනවා කරන්නද දැන් ඇත්තම කියනවා ඇර වෙන විකල්පයක් නෑ




නෑ අක්කේ එයා යාළුවෙක් විතරයි තවම


ආ ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට  තවම යාළුවෙක් පස්සට එතකොට?


ඕකනේ ඉතින් ඔයා එක්ක බෑනෙ ..
එයා වැඩිය සල්ලි තියන කෙනෙක් නම් නෙවෙයි. මම හිතනවා එයා හොඳ කෙනෙක් කියලා.. මගේ යාළුවෙක් අක්කේ එයා..
ඇත්ත අක්කට වහන් කරලා කිව්වා නැත්නම් මෙයාගෙන් විසුමක් වෙන්නේ නෑ.


කොල්ලා හොඳනම් විශ්වාස කරන්න පුළුවන් නම් එච්චරයි.
අද කාලේ ඉන්න පිරිමි හදන්නෙ උන්ගේ වැඩේ කොරගෙන අත පිහදාගන්න. අන්තිමට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.. අපියි අන්තිමට වැරදි.. කල්පනාවෙන් කරන දෙයක්.


එයා එහෙම නෑ අක්කා. හරි හොඳයි..
මුලදී කවුරුත් ඔහොම තමා නංගියේ


කෝ මට පොටෝ එක පෙන්නනවා බලන්න.
ඔයා කොහොමද දන්නෙ?
මම උබට වඩා වැඩිමලනේ බං


මොනා කරන්නද ෆොටෝ ඒකත් පෙන්නන්නම වුනා.




කොල්ලගේ  නම් වරදක් නෑ.. අපි බලමුකෝ ඉස්සරහට..


අපි එතනින් පිටත්වුනා..






මේ වෙනකොට තුසිතුත් මමත් සෑහෙන්න ලංවෙලා හිටියේ. අපි හුඟක් දේවල් කතාකරල තිබුණා. ඇත්තටම තුසිත් මට හොඳ මිත්‍රයෙක් වුණා.මමත් නිතරම එයා එක්ක කතා කළා. හැම දේම නැතත් හුගක් දේවල් මම අක්ක එක්ක කිව්වා. මගේම අක්ක නොවුනත් එයා මට හුඟක් ලෙන්ගතුයි. එයා මගේ ලොකු තාත්තගේ දුව.
                                                 අතරමගදී මහා වැස්සක් කඩාගෙන හැලෙන්න පටන්ගත්තා. ජනෙල් විදුරු වල මගේ හුස්ම වැටිලා තුෂාර තැන්පත් වෙලා. මගේ අත සිහිනෙන් වගේ ජනෙල් වීදුරුව දිහාට ඇදිල ගිහින් ඉංග්‍රීසි හෝඩියේ 20 වෙනි අකුර ලියවෙන්න වුණා..
බරාස් බස් එක එක පාරටම බ්රේක් කළා. එතකොටයි මම පියවි සිහියට ආවේ. මම ටක්ගාල බාගෙට ලියාපු දේ මකලා දැම්මා. ඇත්තටම මගේ හිතේ තුසිත් ගැන තියෙන්නෙ මොනවගේ අදහසක්ද කියන එක මට තේරුම් ගන්න බැරුවයි මම ඉන්නේ. මේ වෙනකොට ඒ ලේවල් ප්‍රතිපල පිට වෙලා අපිට කැම්පස් යන්න පුළුවන්කම ලැබිලා තිබුනේ. ජිවිතේ ලොකු පිම්මක් පැන්නා නේද කියන හැගීම මගේ හිතේ තිබුණා.
මට දැනුයි බස් එකේ රේඩියෝ එක දල කියල තේරුණේ..
මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමයරහසින්
මුළු ලොවට මුවාවෙන්
සඟවා ගන්නද මතුදා කෙලෙසින්.( http://ananmanan.lk/free_sinhala_mp3/song/8/ma-sithata-ahamben-oba-ebikam-kala-deepika-priyadarshani-sinhala-mp3.html )
කියලා දීපිකා අක්කා කියාගෙන යනවා. මටත් නොදැනීම මගේ මුවේ හිනාවක්‌ මතුවුණා.


මොකද හිනා යන්නෙ
අක්ක හෙමිට කනට ලං කරලා ඇහුව.
ලජ්ජාවට මගේ කම්මුල් රතුවුනේ මටත් හොරෙන්.


ඔහොම ලජ්ජා වුනාම හරි.
මොකද්ද අනේ සිංදුවක්වත් අහන්න බැනේ මෙයා එක්ක.


ඕව් ඕව් මම වැරදිකාරි.. අපි බලමුකෝ ඉස්සරහට...

3 comments: