Sunday, July 22, 2012

මිතුරා Vs මිතුරි

මිත්‍රත්වය යනු වචනයෙන් විග්‍රහ කිරීමට අපහසුවූ අන්‍යෝන්‍ය බැදීමක්. කිසිම ගිවිසුමක් නැති කිසිම අරමුණක් නැති අමුතුම ආකාරයේ බැදීමක්. තමන්ගේ අරමුණු මුදුන් පමුනුවගන්න යමෙක් හා මිතුරුවිම මිත්‍රත්වයක් විදිහට හදුන්වන්න බෑ. අද ලෝකේ ජිවත් වෙනකොට තනිවම ජිවත් වෙනවා කියන එක හරිම අපහසු දෙයක්.
ඉතින් මේ පෘතක්ජන ලෝකයේ ජීවත්වෙනහැමෝම විවිධාකාරවූ බැදීම වලින් බැදෙනවා. ඉතින් ඒ බැදීම විවිධාකාරයි. ආදර බැදීම් යාළුකම් නෑදකම විදිහට එක එක දිසාවන් ඔස්සේ මේක විහිදුවන්න පුළුවන්. මේ මොන පැත්තට ගියත් මිතුරුකම කියන දේ ඇතුළේ අමුතුම හැගීමක තියනවා කිව්වොත් පිළිගන්නවද?
       ඒක ආදරයක්...
       ඒක රැකවරණයක්
      ඒක පාළුව මකන දෙයක්
       ඒක යුතුකම් හා බැදීම් වල එකතුවක්
මේ හැමදේම මිත්‍රත්වය ඇතුළේ තියනවා. ඒ වගේ යාළුවෙක් ලබන ඒක ඇත්තටම වාසනාවක්.
මොකද හිතන්නෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර තියන යාළුකමක් ගැන?
මේක ආදරය කියල වරදවා වටහාගන්න එපා....................
ඒ බැදීමත් අමුතුම ආකාරයේ සිද්ධියක් තමා. කොල්ලෝ කොල්ලෝ අතරේ හරි කෙල්ලො කෙල්ලො අතරේ හරි තියන යාළුකමට වඩා වෙනස්ම දෙයක් මේක. මොකද ඒ දෙන්න ඉන්නෙ වෙනමම සිතුවිලි සම්ප්‍රදායන් දෙකක.. වෙනමම සිතුවිලි මාර්ගයන් දෙකක.. ඉතින් ප්‍රශ්නයක් මතුවුනාම දෙන්න එක්ක කතා කරලා විසදුමක් හොයන ඒක ලේසි. එයාගේ ප්‍රශ්න මෙයාටයි මෙයාගේ ප්‍රශ්න එයටයි කියලා තමන්ගෙ හිත නිදහස් කරගන්න ඔය දෙන්නම කැමති. ඒත් ආවට ගියාට හැම කෙනාටම කියන්න යන්නෙත් නෑ.. තමන්ට හොඳටම විශ්වාස කොල්ලට(කොල්ලෙක්නම් කෙල්ලට) තමා කියන්නෙ.. සමහරවිට පෙම්වතාගේ ප්‍රශ්න පවා කියන අවස්ථා තියනවා. මේ වගේ බැදීමක් ලේසියෙන් ඇතිවෙන්නෙ නැහැ. එහෙම දෙයක් කෘතිමව ඇතිකරන්නත් බැහැ. ඒවා ස්වාභාවිකවම නිර්මාණය වෙනදෙයක්. මේ වගේ බැදීම් ලෝකයාට වැරදි විදිහට පෙන්න පුළුවන්. මොකද මේ දෙන්න හුඟක් එකිනෙකාට ලංව ආශ්‍රය කරන නිසා.. මේක වචනයෙන් කිව්වට කෙනෙක්ට තෙරුම් ගන්න බෑ අත්විදලම බලන්න ඕන..
                                                    කොහොමින් කොහොම හරි මේ වගේ බැදීමක් බිදුන දවසට දෙන්නටම ලොකු වේදනාවක් දැනෙනවා. සමහරවිට ඒ වේදනාව බුට්‌ එකක් කෑවා වගේ වෙන්නත් පුළුවන්. එක්කො ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. කොහොම වුනත් එහෙම බිදුණත් දෙන්නගෙම හිතේ හුගක් වෙලාවට තරහක් නැහැ.. නමුත් එක්කෙනෙක්ට තව කෙනෙක් දෙවැනි වෙන්න කැමති නැති නිසා දෙන්නම පැත්තක ගහන් ඉන්න අවස්ථා එමටයි..
                                                     මේ වගේ දෙන්නෙක්ගෙ යාළුකම ආදරයකට පෙරළෙන්නත් පුළුවන්. ඒ වගේ සිද්ධ වෙන අවස්ථා තියනවා. ඒත් ඒ හුගක් අවස්ථාවල එහෙමෙ ප්‍රේමයක් දළුලන්නේ නැහැ. ඔවුන් වෙන්වී යනවා. ඛේදජනක ලෙස දෙපසට වෙන්වෙන්න සිද්ධවීම කොයිතරම් වේදනාකාරිද?
කෙල්ලට කොයිතරම් වේදනාකාරිද කියන එකනම් මම හරියටම දන්නෙ නැතත් කොල්ලෙක්ට ඒක හුගක්ම වේදනාකාරී බව නම් සක්සුදක් සේම දන්නවා..
                                                         ඉතින් මෙවැනි බැදීම් වල ඔබත් එල්ලිලා ඉන්නවා නම් හුගක් කල්පනාවෙන් කටයුතු කරන්න ඕනා. පස්සේ දුක්වෙලා වැඩක් නෑ. මොකද කිව්ව වචනයක් ආයෙ ගන්න බෑ බිඳුන වීදුරුවක් ආයෙ හදන්න බෑ වගේ ඒ විස්වාසය ගොඩ නගන ඒක හරිම අමාරු දෙයක්..
ඒ නිසා කල්පනාවෙන් හොඳේ.....................
මම මේ ලිපිය ලියන්න පටන් අරං මාසයක් දෙකක් වගේ වෙනවා(පේළි දෙකතුනයි ලියල තිබුනේ).. අද තමයි ලියල ඉවර කළේ. මම කියන්න හැදුව දේ කියවුනාද මන්ද?
මොනවා වුනත් කල්පනාවෙන් හොඳේ.........

10 comments:

  1. මේ වගේ බැදිම් ගොඩාක් වෙලාවට අපි අතරෙ තියෙනවා. ඒ වගේ බැඳීම් නිසා ආදරය කරන දෙන්නෙක් අතරෙ ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඒත් ආදරය කරන දෙන්නෙක් අතරෙ හොඳ අවබෝධයක් තියෙනවානම් මේවා ප්‍රශ්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි මම මේ කියන්න උත්සහ කලේ යහළුවෙක් හා යෙහෙලියක් අතර බැදීමක් ගැන

      Delete
  2. niyameta kiyavela thiyenava vage ban....

    ReplyDelete
  3. විස්මිතයි .. මේක නම් මටම කිව්වා වාගේ ... මමත් මේ දවස්වල දුකෙන් තමයි ඉන්නේ ... අපි තාම තරහ වුනේ නම් නෑ .. නමුත් එහෙම වෙන්න වගෙයි යන්නේ ...
    ඇත්තටම කාමුක ප්‍රේමයක් නැතිව බැඳෙන මේ වගේ බැඳීම් .. සංසාරගත බැඳීම් විදිහටයි මම නම් හඳුන්වන්නෙ.
    ඒත් සමහර කෙල්ලො බොහොම පොඩි දේකටත් තමන්ගෙ ඒ අවංක මිතුරාව නොසළකා හැරීම නම් ඉවසාගන්න බැරි දෙයක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබේ කතාවත් මේ වගේ වීම ගැන කණගාටුයි..
      හැකි හැම උත්සාහයක්ම දරන්න යාළුකම රැකගන්න...

      Delete
  4. කාලයක් මගේ ජීවිතේ වෙලා තිබ්බේ මිතුරෝ..රට ගියායින් පස්සෙ මිතුරියො ටිකක් ජීවිතේට ලං උනා! උන්ගෙ මිත්‍රත්වය පුදුම විදිහට වෙනස් එකක්!

    ReplyDelete
    Replies
    1. මම මේකෙ කිව්වා වගේ දෙයක්ද මචං

      Delete
  5. "බිඳුන වීදුරුවක් ආයෙ හදන්න බෑ වගේ ඒ විස්වාසය ගොඩ නගන ඒක හරිම අමාරු දෙයක්.." ඒකනම් සහතික ඇත්ත...

    ReplyDelete