Sunday, July 22, 2012

සිත පෙළමින්

මිනිසාට ලැබී ඇති අපුර්ව දායාද වලින් එකක් තමයි සිත කියන්නෙ. ඉතින් මේ සිතේ වටිනාකම කියල නිමකරන්න බෑ. මනුස්සයෙක්ට ගතින් කරන්න බැරි දේවල් හිතේ හයියෙන් කරන්න පුළුවන්. හිතට සිමා මායිම නැහැ.. සිතේ වේගය හිතාගන්නත් බෑ. අන්න ඒ අසාමාන්‍ය අපුර්ව වස්තුව
අපි හරියට ප්‍රයෝජනයට ගන්නවද කියන එක ප්‍රශ්නයක්. මොකද මනුස්සයෙක්ගේ සිතකට කරන්න පුළුවන් දේවල් බොහොමයි. ඒ සිතට යොදන සිතුවිලි අනුව ඒ මනුස්සයා ක්‍රියාත්මක වෙනවා. අනුන්ගේ  හිතට සිතුවිලි කාවැද්දීම මගින් තමන්ගේ වැඩ කරගත්ත කෙනෙක් තමා හිට්ලර් කියන්නෙ. තමන්ට අවශ්‍ය විජයග්‍රහණ වෙනුවෙන් මනුස්සයන්ගේ සිතට කෘර අදහස් ඇතුළු කරලා තමන්ගේ ගමන සාර්ථකව යන්නයි ඔහුට උවමනා වුනේ..
                                                                               තමන්ගෙ සිත තමන්ට අවනතව තියාගෙන ඒ සිත තමන්ට අවශ්‍ය දේ වෙනුවෙන් යොදාගත්තෙ නැත්නම් වෙන්නෙ ඒ සිතේ පාලනය වෙන කෙනෙක්ට නතුවෙනවා කියන එක. එහෙම වුනොත් ලැබෙන ප්‍රතිපලය භයානක වෙන්න පුළුවන්.. තමන්ගෙ සිත වෙන කෙනෙක්ගෙ පාලනයට නතු වුනාම තමන්ගෙ  කරට අත දාගෙන ඉන්න යාළුවගෙ අත තමන්ගෙ කරෙන් වෙන්කරනකම් තමන් දන්නෙත් නෑ.
                                                     ඔවුන් ඒවි ඔබ ළගට ඇවිත් වහසි බස් දොඩවී ලෝකයම අතේ ඇති ලෙසට. ඔබේ පපු කෙනිත්ත රත් කරාවි තරුණ උන්මාදයෙන්. ඔබට කියාවි ඔබ තමා නියමුවා. ඔබයි වැඩකරු කියා. ඔබේ සිත් පොජ්ජට විස පොවාවී ගැලුම් ගණන්.. ඒ ඔබට තියන ආදරේට කියල ඔබව අන්ධ කරාවි.. ඔබේ තරුණ සිත අන්ධ වේවි මෝහයෙන්..
                                                          ඇත්තටම මෙන්න මේකයි සිතේ තත්වය.. ඉතින් අපි මොකද කරන්නෙ මේ සින්කොන් එකට..
මොනා කරන්නද දුක තමා රංජනී කියල ඉන්නවද?
වරද කොහෙද කියල හොයල හදාගන්නවද?
තීරණය ඔබේ අතේ තියෙන්නෙ...

ඔබට පුළුවන් ඔබේ හිතෙන්ම ඔබේ අතීතයට යන්න.. ගිහින් බලන්න තමන්ට මොකද වුනේ? ඇයි තමන්ට මෙහෙම දේවල් කරන්න හිතුනේ? පොඩ්ඩක් තමන්ගෙම හිතට එකඟව කල්පනා කරලා බලන්න.. ඔබට පෙනේවි වරද. ඉතින් ඒ වරද නිවැරදි කරන්න ඔබ බසුබට වෙන්න එපා. මොකද ලෝකයේ කොහෙවත් 100% ක් නිවැරදි මිනිස්සු නැහැ. ටිකක් ලජ්ජා හිතෙයි, හිතම කියයි මම වැරදි නෑ කියල. ඒත් දිගටම හිතන්න. ඔබ ඔබටම අවංකව හිතන්න.. නැවත නැවතත් දහස් වරක් හිතුවත් ඔබට පාඩුවක් වෙන්නෙ නෑ..
කොහොම හරි ඔබේ හිත ඔබේ පාලනයටම ආයෙ ගන්න. නැත්නම් ඔබ සදා සොත්ති තමා........

No comments:

Post a Comment