Wednesday, December 21, 2011

කුලේ කියා මොනවද අපි ගෙනාවේ 02

කලින් ලිපිය කියවන්න ඇති කියල මම හිතනවා.
ඒකෙන මම උත්සහ කළේ කුල ක්‍රමය ගැන තොරතුරු ටිකක් දෙන්න.
ලංකාව  තුළ තියන මේ කුල වාදය නිසා හුගක් පිරිස් දැඩි අපහසු තත්වයන්ට පත්වෙනවා. සමහරවිට ඔයත් ඇහෙම අපහසුතාවට පත්වුණා කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ට උපතින් ලැබුණ මේ උරචක්කර මලේ නිසා අද කිදෙනෙන් විදවනවා ඇත්ද ?  තව කිදෙන්නෙක්ට විදවන්න වේවිද? බුදුදහම පවතින ලංකාව වගේ රටක මේවිදිහට කුලය අනුව ගරහන ක්‍රමයක් තියන එක ගැන අපි ලජ්ජවෙන්න ඕන.
                                                     නජජ්ජා වසලොහෝති නජජ්ජහෝති බ්‍රාහ්මණෝ කියලයි අපිට උගන්නල තියෙන්නේ. මේ හැමදේම දැනගෙනත් මේවගේ මෝඩකම් කරන්නේ ඇයි කියාල හිතාගන්න මටනම් අමාරුයි.අපි ජීවත්වෙන්නේ මේවගේ බහුබූත වලින් පිරුණ සමාජයක. රස්සාවක් ගන්න තමන්ට ගැළපෙන සහකාරියක් ගෙන්න කැමතිකෙනෙක අස්සරය කරන්න මේ කුලය මොකටද ? කුලෙන් අපිට මොකද්ද ලැබුනේ?

උසස් කියන කුලවල කම්කරුවෝ නැද්ද? දුප්පත් අය නැද්ද?
පහත් කියන කුලවල උසස් රැකියා කරන ඉහළට ඉගෙනගත්ත උගත් අය නැද්ද?
ප්‍රයෝගිකව මේ දේවල් ඇස්පනාපිට තියෙද්දී ඇයි මේ ගරහන්නේ ?
වෙන මුකුත් නෙවි මේ තියෙන්නේ රුසියාවට වැඩ ලොකු දැවෙන ඉරිසියාව. ඒකාලේ ඉදන් තමන්ගේ කුලයට පරම්පරාවට ලැබිල තිබුන තැන තත්වය නැතිවෙයි කියන බය.
ඉස්කෝලෙ මහත්තයෙකුයි කම්කරුවෙකුයි ගත්තම කව්ද මේ දෙන්නගෙන් වටින්නේ ? එක කියන්න තරම් දෙයක් නෙවිනෙ. එත් කම්කරුවා උසස් කුලේ නම් ඒක ගොරවනවා අර ඉස්කෝලෙ මහත්තයට . ඌ මොකෙක්ද , ඌ අර කුලේ, කව්ද උන්ව ගන්නන්ගන්නේ කියල. බලන්න ඒක මොනතරම් පුහු තර්කයක්ද ?
ආදරය කරන්න විවාහ වෙන්න  මේවටත්  කුලය ඕනේ
ඇයි මේ දෙන්නට දෙන්න ආදරේනම් කුලෙන් ඇති වැඩේ මොකද්ද?
මට අදවගේ මතකයි කුලේ නිසා තමන්ගේ ප්‍රේම සම්බන්දෙ නැතිවුන තරුණියක් කිව්ව කථාව.
මට පුළුවන් මොනවහරි කරලා ලස්සන මදිනම් ලස්සන වෙන්න
මට පුළුවන් හොඳට කැපවෙලා ඉගෙනගෙන එයාට ලජ්ජා නොවෙන විදිහේ හොඳ රස්සාවක් කරන්න
මට පුළුවන් එයා වෙනුවෙන් ඕනතරං කැප වෙන්න.
ඒත් ඒත් මං කොහොමද මට උපතින් ලැබුණ මේ කුලේ වෙනස්කරන්නේ

ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තර කාගාවහරි තියනවනම් මටත් කියන්න ...
ඔයාල තේරුම ගන්න කුලෙන් අපිට ලැබෙන දෙයක් නැහැ
ඒ නිසා අනාගතයේදීවත් කුලය නිසා කෙනෙක්ට ගරහන්න එපා.
සමහරවිට දවසක එයාගාවම යටත් සේවකයෙක් වෙන්න ඔබට සිදුවුනොත් මොකද වෙන්නේ ? ඒ ගැනත් හිතන්න
කුලයෙන් මිනිස්සු මනින්න එපා. ඒක කවදාවත් කරන්න බැ .......
බුද්ධිමත්ව හිතල බලන්න මං මේ කියන දේ  ඇත්තද කියල. නැත්නම් ඔයාම හිතල බලන්න ඔයාට කුලේ නිස මේවගේ ඉරණමකට මුහුණදෙන්න වුනොත් මොකද වෙන්නේ කියල. හිතන්න ආයේ ආයේ හිතන්න
බුද්ධිමත් ඔබටයි මේ ආරාධනා

No comments:

Post a Comment