Thursday, December 22, 2011

සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා ද?

█ + █ “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” █ + █

“සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” කියන්නේ සිංහලයන් වන අපි විසින්ම සිංහලයන්ට අවමන් කරන්න යොදා ගන්න ගොඩක් ප්‍රසිද්ධ කියමනක් .ඒත් මේ කතාව කියමින් සිංහලයන්ට අපහාස කරන පුද්ගලයන් මේ කතාවේ පසුබිම දන්නවා නම් නැවතත් මේ කතාව කියමින් සිංහල ජාතියට අවමන් නොකරනු ඇත..

මෙහි නිධාන කතාව මෙසේයි:
මහනුවර යුගයේ සිටම සිංහලයන් අතර අතිශයින් ජන්නප්‍රිය කෑමකි කැවුම්.කොණ්ඩා කැවුම් පැණි කැවුම් ආදී වශයෙන් වර්ග රාශියක් ඇති කැවුම් වල ඇති විශේෂ ලක්‍ෂණ වන්නේ පැණි මිශ්‍ර කර පිලියෙල කරන නිසා කල් තබා ගත හැකි වීම සහ මේදය අඩංගු වන නිසා ශක්ති ජනක ආහාරයක් වීම.යි.

මේ බව අවබෝධ කරගත් උපක්‍රමික හෙළ සටන් කලාවේ කෙළ පැමිණියෙක් වන දෙවන රාජසිංහ රජතුමා දීර්ඝ කාලයක් වන ගත වී සටන් වදින තම සෙබළුන්ට කාලයක් තබාගත හැකි ශක්තිජනක ආහාරයක් වශයෙන් “කැවුම්” මුලක් ළඟ තබා ගැනීම අනිවාර්‍ය කළේය.

රණබිමේදී ලංදේසීන් ඉදිරියේදී යුධ කර දිවි පිදූ එදා සිටි රණවිරුවන්ගේ දේහයන් වල කැවුම් මල්ලක් එල්ලී තිබෙනු දුටු ලංදේසියා මෙය දැක “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” කියමින් සිනාසුනා පමණක් නොව සිංහල රණවිරුවන් ගැන මෙලෝ හසරක් නොදන්නා කොළඹ සිටි ඔවුන්ගේ බලු ගැත්තන් හරහා මෙය අපේ මිනිසුන්ගේ ඔළු වලට පොවා තිබුනි.

පසු කාලයේදී වීදියබණ්ඩාර කුමාරයාගේ සිට සියලුම සිංහල රජ දරුවන් “කැවුම්”, තම යුධ බිමේ ආහාරය වශයෙන් යොදා ගත් අතර, පසු කලෙක සුද්දා පවා මේ පිලිබද රහස දැන ගත්තත්, සිංහලයා යනු යුද බිමේදී පවා බඩජාරි කමට කැවුම් කමින් සිටි නිකමන් බව පෙන්වා අපේම උදවියගේ මානසිකත්වය කඩා වැට්ටවීමට මෙය යොදා ගෙන ඇත.

එම නිසා අභිමානවත් ජාතියක් වන සිංහල ජාතියට අවමන් කිරීම සදහා යමෙකු “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” යන වදන සැබෑ ජීවිතයේදී හෝ සයිබර් අවකාශයේදී භාවිතා කරනවා නම් සත්‍ය ඔවුන්ට පහදා දීම අපේ වගකීමකි.

මේ පිලිබද සත්‍ය තව දුරටත් පැතිරවීමට මෙය SHARE කරන්න..

උපුටා ගැනීම:: http://sinhalabuddhist.com/

No comments:

Post a Comment