Saturday, January 28, 2012

කොළඹ කාක්කෝ

කොළඹ කියන්නේ ලංකාවේ තියන ජනාකීර්ණතම නගරයක්.
ඉතින් ජනාකීර්ණ බව වැඩිවෙන්න වැඩිවෙන්න වාසය කරන මිනිස්සුන්ගේ සදාචාර සම්පන්න බව කෙමින් කෙමින් ඈත් වෙලා යනවා. අන්න ඒකනිසා කොළොඹ එකෙක් කිව්වම පුංචි පහේ අමුතු චිත්තරයක් බහුතරයක් දෙනාගේ හිතේ මැවෙනවා. ඒක තමා ලංකික සමාජයේ හැටි. ඒක වෙනස් කරන්න අපි කාටවත් බෑ. මම මේ ඒක ගැන කියන්න හදනවා නෙවෙයි. මම අද නාරාහේන්පිටදී දැක්ක දෙයක් මගේ හිතට තදින්ම කාවැදුනා. මම පාර මාරුවෙන්න කහ ඉර පැත්තට යනගමන් ඉන්නේ. මට පේනවා පාර මාරුවෙන්න අන්ධ පුද්ගලයෙක් බලාගෙන ඉන්නවා මට මීටර 20 ක් විතර ඉස්සරහින්.ඔන්න ටිකක් වේගෙන් ආපු නවීන පන්නෙ වාහනයක් එකපාරටම පාරේ නතර කළා. ඇයි මේ වාහනේ නතර කළේ? හිතන්න පුළුවන්ද? වාහනය නතර කරපු ඒ මහත්තය(වචනයේ පරිසමාප්තියෙන්ම මහත්තයෙක්) වාහනෙන් බැස්ස, එයාගේ ඇස යොමුවෙලා තිබුණේ අර අන්ධ මනුස්සයා වෙත. මට තේරුණා ඇයි මෙයා වාහනය නතර කළේ කියල. මම ටක්ගාල ඒ මහත්තයට අතින් කිව්වා මම මෙයාව පාර මාරු කරන්නම් කියන එක. ඒ මහත්තයට තිබුණ කිසිම ප්‍රශ්නයක් නැතුව තමන්ගේ ගමන යන්න. නමුත් එහෙම කළේ නෑ. තමන්ගේ ඇගේ වැදිලා මනුස්සයෙක් වැටුනට හැරිලා බලන්නේ නැති නාගරික සමාජ සංස්කෘතිය තුළ මෙවන් මහත්‍මා ගුණයෙන් පිරි පුද්ගලයන් දකින්න ලැබීමත් භාග්‍යයක්. පොඩ්ඩක් හිතල බලන්න. අසරණයෙක් දැක්කම පිහිට වෙන්න. ඒ සදහා පොඩි කාලයක් වැය කළාට පවු සිද්ද වෙන්නෙ නෑ. කවද හරි දවසක ඔබත් අතපය වාරු නැතිව අසරණ වෙනවා. එදාට ඔබත් එක්තරා විදිහක අසරණයෙක් විතරයි. එදාට ඔබව කවුරුත් ගණන ගන්නෙ නැතිවුනොත් ඔබ කොච්චර අසරණ වෙනවද? දැන් ප්‍රශ්නෙ එක නෙවෙයි අසරණ කමත් ව්‍යාපාරයක් කරගෙන. අන්න ඒවගේ අයට සත පහක උදව්වක් කරන්න එපා. මොකද එහෙම එවුන් මනුස්ස කියන සංහතියටම නිගාවක්. හැමදෙයක්ම නැතිවෙලා යනවා. කවද හරි අපිත් මෙහෙම ඉඳල මැරිලා යාවි. මැරෙන්න මොහොතකට කළින් හරි හිත සතුටු කරගන්න දෙයක් ජිවිතේට කරන්න.

No comments:

Post a Comment