Sunday, July 22, 2012

ගෙදර යන ගමන්

ස්ථානය මොරටුව දුම්රිය ස්ථානයයි. මම පුටුවකට වෙලා වැඩිවෙලා උන්නා මරදානට යන්න කෝච්චිය එනකම්. මොකද මරදානට ගිහින් කුමාරිව අල්ලගන්න ඕන ගෙදරයන්න. කුමාරි මොරටුවෙන් අල්ලන්න බෑනේ.
ඉතින් මම මෙහෙම ඉන්නකොට අනිත් ප්ලැට්ෆෝම් එකේ මැදිවියේගෑණු කෙනෙක් යනවා අයිස් ක්‍රීම් 2 ක් අරං මම හිතුවේ එයාගෙ ළමයට කියල. නෑ දෙයියනේ අයගේ මනුස්සයට.  අඩේ අප්පා දෙන්න අයිස් ක්‍රීම් කකා හෙනම කදේ දාගෙන ඉන්නව හරියට අද ඊයේබැන්ද වගේ. ඇත්තටම හුඟක් සතුටු දායි දර්ශනයක්. මොකද අද බැදලා හෙට ඩිවෝස් වෙන ලෝකේ මේ දෙන්න මෙහෙම ඉන්නව.
                                                   වෙනස්වන ලෝකේ වෙනස් වීම එක්ක ගතානු ගතිකව වෙනස්වෙමින් තමන්ගෙ සම්බන්ධතා රැක ගැනීම කියන්නෙ මනාව ප්‍රගුණ කරන්න ඕනෙ දෙයක්.ප්‍රේම සබදතා පවත්වන කාලේ වගේ නෙවෙයි බැන්දම.වගකීම් වැඩියි.ඉතින් එකිනෙකා මානව තෙරුම් ගත්තේ නැතොත් ඒ සබදතා ඉතාම ඉක්මනට ගිලිහිලා යනවා. ඒ වගකීම් වලට අනුව පිරිමියා හා ගැහැණිය යන දෙදෙනාම හැඩගැහෙන්න ඕන. එකිනෙකාගේ අවශ්‍යතාවන් මනාව තෙරුම් අරගෙන ජිවත් වුනොත් සාර්ථක පවුල් ජිවිතයක් ගතකරන්න පුළුවන්.
            ඇති යන්තම් විනාඩි 10ක් හරි පරක්කු වෙලා කෝච්චිය ආවා. කට කහනවට නෙවෙයිනෙ කෝච්චිවලට ගෑණු නම් දන්නෙ.මම ඒත් ගැහි ගැහි එන්නේ කුමාරි මිස් වෙයි කියල. මලා කෝච්චිය මරදානට එනකොටම කුමාරි 5 වන ධාවන මන්තිරුවට එනවා. මලකෙලියි ටිකට් ඇත්තෙත් නෑ . දුවලා ගියා කවුන්ටරේට. අපොයි ඒ කවුන්ටරේ නෙවිලු අනිත් එකලු. ආයේ දුවපන්කෝ.. යන්තම් ටිකට් එකක් අරං පැනගත්ත රුහුණු කුමරියට.
                                      ඔන්න දෙයියනේ කියල හාමුදුරුනමක් වැඩිය කියහන්කො පෙට්ටියට. වෙලාවට මට සීට් 5ක් 6ක් ඉස්සරහින්, වෙලාවට අයිය කෙනෙක් සීට් ඒක පුජා කළා. අනේ මන්ද දුර ගමන් යන කෙනෙක් සීට් එකක ඉදගන්නේ කොච්චර ආසවෙන්ද මේවගේ අවස්ථාවකට මුනදෙනකොට නම් ඇඩේනවා ..
අනේ  මන්ද ඔවානම්. මොනා වුනත් අපි පුජ්‍ය පක්ෂයට ගරු කරන්න ඕන.
                           ඔන්න කුමාරි ගාල්ල මාතර බලා යනවා කියල යකඩ කටා කිව්වා. ඔන්න ඉතින් වැල්ලවත්ත හරිය එහෙම පහුකරනකොට ඉන්නවා කපල් කපල්. අඩේ අප්පා දෙන්න ඉන්නවා නිකං සර්පයො ගස්වල වේලිල ඉන්නව වගේ. ඒකට්ටිය ලවු කරන අයනෙ. ආදරය කරන අය නෙවි ලවු කරන අය. කට්ටියක් කුඩ දාගෙන තව අය එලිමහනෙම තව අය පඳුරු අස්සේ..යකෝ මේ මොන විකාරයක්ද? ඔච්චර අමාරුවන්නම් පලයල්ලකො රුම් එකකට. මගුල.නොදකින් විතරක් මුන් ඉන්න හැටි. ඔය අතරේ නෝමල් එකේ ඉන්න අයත් නැතුවම නොවෙයි.අරව දකිනකොට උන්ටත් මදන විසේ ගහන එක අහන්නත් දෙයක්ද? අනේමන්ද ලංකාවත් ඇමරිකාවක් වෙන්න යනවද මන්ද? කුමාරිට ගානක් නෑ ඉස්සරහටම යනවා. ඔන්න ගල් සහිත ප්‍රදේශයකට ආවා. බොලේ කුඩේ උඩ කෑල්ල විතරයි පේන්නෙ අනිත් මුකුත් පේන්නෙ නෑ හරියට ටෙන්ට් එකක් ගහල වගේ.ඔව් ඉතින් ටෙන්ට් එකේ කුඹ ගහත් ගහල තියෙන්න ඇති අපිට පේන්නෙ නැනේ. තවටිකක් යනකොට තියනවා කොට්ටම්බා ගස දෙක තුනක් මුද පැත්තට නැමිලා. ඊට එහා පැත්තෙ කුණුගොඩක් අර ගස් අස්සේ කුඩයක උඩ හරිය විතරක් පේනවා. කුනුගොඩට විසික් කළ එකක් වෙන්න ඇති.
                                                    ඔන්න ඔහොම යන අතරේ මට අනිත් රේල් පාර පේනවා. මොකද කොටුවේ ඉදන් කළුතරට යනකන් ද්විත්ව මංතීරු ධවනයක්නේ තියෙන්නෙ. රේල් පාර දකිනකොටම ඔයාව මතක් වුනා. අයියෝ ඒ රේල් පීලි දෙක එකතු වෙන්නෙම නෑ.කොච්චර බලන් උන්නත් එකතු වුනෙම නෑ. මට තේරෙනවා ඒ පීලි 2 කවදාවත් එකතු වෙන්නෙ නෑ.මොකද එතකොට රේල් පාරක් නැතිවෙනවා.කෝච්චියක් ආවොත් ඒ කෝච්චිය හද්ද අමාරුවක වැටෙනවා..අහ මොකක් අන්න රේල් පීලි 2 ක් එකතු වුනා. ආආආ ඒ මම බලන් හිටිය රේල් පිල්ල වෙන එකකට එකතුවුනේ. තාමත් රේල් පිලී සමාන්තරව යනවා දුම්රිය ගමන වෙනුවෙන් කවදාවත් මුණ නොගැසි..
                                                  ඔන්න දැන් පානදුර මොරටුව අතරේ අපි ඉන්නෙ. මාමලා සැහෙන්න ඉන්නවා පොල් රුප්පාවේ. මොකද මන්ද වලියක් වත්ද? ඒත් පොල්කටු අරං කරන වලිය මොකද්ද? ආ මේ පොල්කටු එක්ක කරන ජිවන යුද්දයක්. එදා වේල කන්න නැතත් රා කට්ටක් ගැහුවෙ නැත්නම් මේ මාමලට ආතල් එකක් නැලුනේ. අනේ මන්ද උන් කියනවා අපි අහනවා.. තියන ගොන් කමද මන්ද?
                                    ඔන්න ටික ටික කළුතරට ලංවෙනවා. කළුතර ස්ටේෂම පහුවෙනකොටම අහුවෙන වතුර පිරුණ ප්‍රදේශය දැක්කම කැටාව මතක් වුනා.(කැටා කියන්නෙ මගේ රූමනේ අනිත් රූම පුයියා) කැටා රෝවින් කරනවා. මේ දිය කඩිත්ත දැක්කල මු කිව්වනෙ ඔරු පදින්න මරු කියල. මුගේ ජීවිතේම දැන් රෝවින්ම වෙලා. මම හිතන්නෙ කසාදෙත් බෝට්ටුවක ගනීවි.
 අඩේ සැහෙන්න රේල් පීලි තියනවා ඇහේ මෙහේ දාල. පාලම් වල කෑලිත් තියනවා. මම අහල තියන විදිහට මේ එක පීල්ලක් 90000 විතර වෙනවලු. ඉතින් යකෝ මේ තියෙන්නෙ සල්ලි නේද මේවා ප්‍රතිචක්‍රීකරණය කරලා පීලි හැදුවනම් හෙන ගහනවද මුන්ට? අයියෝ සල්ලි කියන්නෙ මේවට තමා. කොහෙද මේවා දකින්න බලධාරියෝ කෝච්චියක යන එකක්ය. ඕක තාම ලංකාවේ ලොකුම වැරැද්ද?බලය තියන එවුන් සීතල කාමර වල, වැඩ කරන එවුන්ගෙන් මුකුත් අහන්නෙත් නෑ ඒ නිසා මේවගේ දේවල් උන්ට පේන්නෙත් නෑ.ඕකුන්ට පොඩ්ඩක් හිතල බලන්න ඇහැකිනෙ අයින් කරන පීලි වලට මොකද්ද කරන්න පුළුවන් කියලා.
                                                 පැයයි විනාඩි 10 යි රුහුණ අළුත්ගම කවදාවත් පරණ වෙන්නෙ නැති ගමක නෙව. අළුත්ගම ප්ලැට්ෆෝම් එකේ අගිස්සක පොඩි අවුලක් තියනවා. අගිස්ස උස වැඩි ඉතින් කකුල ෆුට් බෝඩ් එකේ උඩම පඩියේ තියන් ආවත් කෝච්චිය ගැස්සුනොත් ප්ලැට්ෆෝම් එකේ වදින්න පුළුවන් යන එවුන් කල්පනාවෙන් පලයල්ලා.. ඔන්න රුහුණ ටික ටික ප්ලැට්ෆෝම් ඒකෙන ඈත් වෙනවා. කෝච්චියෙන් බැහැපු හයි හිල්ස් දාපු අක්ක කෙනෙක් යනවා රේල් පාරේ පට්ට ආතල් යන හැටි.. එහාට පාරයි මෙහාට දෙපාරයි ගොන් ගෑණු. පිට රටින් එන ඕන කුණු ගොඩක් දොහොත් මුදුන් දිලා පිළිගන්නවා. සුද්දියෝ නම් පයින් යන්නෙ ටික දුරයි එකට අපේ රටේ ගොන් ගෑණු ඕක දාගෙන හැතැම්ම ගණන් පයින් යාවි.
                             පැය දෙකකින් විතර ආවා ගාල්ලට පැය 3 න් මාතර. ඔන්න ඔහොමයි මම ආවේ....
අමතක වුනා කොටුවේ ඉදන් ආවම මුහුද ගැන නොකිය කොහොමද? මුහුද දැක්කම මතක් වෙන්නෙ දවසක් හාමුදුරුනමක් බණට කිව්ව දෙයක්. අපිට කොච්චර මුහුද දිහා බලන් ආවත් එපා වෙන්නෙ නෑ. ඒ වගේම මුහුද හුගක් සම්පත් සහිතව තියෙන දෙයක්. ඒ විතරක්ද මුහුද කවදාවත් කුණු ලග තියාගන්නෙ නෑ වෙරළට ගෙනත් දානවා...

2 comments:

  1. මුහුද කවදාවත් කුණු ලග තියාගන්නෙ නෑ වෙරළට ගෙනත් දානවා...

    අදයි මං හිතන්නේ ඉස්සෙල්ලම ආවේ මේ පැත්තේ, සරලයි නියමයි.. ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ඔබේ සහයෝගයට

      Delete