Wednesday, December 21, 2011

කුලේ කියා මොනවද අපි ගෙනාවේ 01

ශ්‍රී ලංකික කුල ක්‍රමය පිළිබද මා  ලිපියක් ලිවීමට පෙළබුණේ  මගේ මිතුරියන් දේපලක් මුහුණදුන් අත්දැකීම් මා  සමග බෙදාගත් පසුවයැයි  මට හැගේ.

මේ එහි පළමු දිගහැරුමයි.  මේ සදහා  මා  පාදක කරගත්තේ කාලිංග ටියුඩර් සිල්වා මහතාගේ කුලය,පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම යන ග්‍රන්ථයයි 




මාක්ස් වාදයට අනුව  පන්ති ක්‍රමය 

අවධ්ය
                                              පන්ති   ක්‍රමය
දේපළ හිමි පන්තිය
දේපළ අහිමි පන්තිය
1.       ප්‍රාථමික
(පන්ති රහිත )
(පන්ති රහිත)
2.       වහල්
වහල් හිමි
වහල්
3.       වැඩවසම්
ඉඩම් හිමි රදළ
ප්‍රවේණි දාස
4.       ධනවාදී
ධනපති
කම්කරු
5.       කොමියුනිස්
 (පන්ති රහිත)
(පන්ති රහිත)

භූගෝල විද්‍යාවට අනුව පෘතුවිය පාෂාණ ස්ථර රාශියකින් නිර්මාණය වී  ඇත. ඒමෙන්ම සමාජයත  එලෙස  ස්ථර වලින් නිර්මාණය වී ඇත. එය ස්තරායනය නම් වේ .






ලංකාවේ සමාජ ස්තරායන සාධක

1.       පුමිතිර බව  :-  ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ  භාවය දකුණු ආසියාවේ අනිත් රටවල් එක්ක ගත්තම ලංකාවේ
                       මෙය  අවම මට්ටමක පවතී . ඒ කෙසේ නමුත් අද ලංකාවේ දේශපාලනය ඉහළ තැන්වල                           සිටින්නියන් හට එය ලැබී ඇත්තේ තම පවුල් පසුබිම හෝ තම දිවංගත පිරිමින් නිසාය.

2.       වයස :-  වයසින් මුහුකුරා  යනවිට පුද්ගලයට වැඩි වරප්‍රසාද  සමාජය මගින් ලැබේ. මවක හෝ පියෙකු වූ
                         පසු පරිනත් ලෙස පිළිගැනීමක් ඇත 

3.       කුලය : -  ලංකාවේ බහුතරය වන සිංහලයන් අතර පවතින කුල ක්‍රමය සිංහල කුල ක්‍රමය ලෙසද, දෙමළ
                         ජනයා අතර පවතින කුල ක්‍රමය  හින්දු කුල ක්‍රමය ලෙසද හැදින්වේ. මේවා එකිනෙකාගේ
                         තරාතිරම ජන්මයෙන් තීරණය කරන ක්‍රමයකි.

4.       ජනවාර්ගිකත්වය : -   මෙයද කුල ක්‍රමය මෙන් දිවියපුරා නොවෙනස්ව  පවතින්නකි .

5.       පන්තිය  :-  දේපළ හිමිකම් මත පදනම වූ  බෙදීමකි. 


සමාජ ස්තරයනයට  අනුව ගත්කළ  කුල ක්‍රමය තරාතිරම ක්‍රමයකි. මෙම ක්‍රමය පරපුරින් පරපුරට පවත්වාගෙන යාමට හැකිවී ඇත්තේ සමකුලින විවාහ ක්‍රමයට පිං සිදුවන්නටය. එනම්  එකම කුලයේ විවාහයන් හරහාය මෙහි අතීතය ගත කළ සිංහල කුල ක්‍රමයට හින්දුන්ගේ ආභාශය ලැබී ඇතැයි සිතිය හැක.
                                                            සිංහල රාජ්‍යත්වය හා බැඳුනු  පරිපාලන ක්‍රමයේ අවශ්‍යතාවයට  ගැළපෙන පරිදි පාලක පක්ෂයට සිය භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ මාධ්‍යක් ලෙසද යොදාගෙන ඇත. මහනුවර යුගයේදී ප්‍රභූන්ගේ පැවැත්ම උදෙසා  නින්දගම් දේවාලගම් විහාරගම් අදිය  පවද ඒවා නඩත්තුවට පිරිස් පත්කර ඇත. ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි ආක්‍රමණිකයන් මෙම ක්‍රමයට රුකුල්දී ලාභ ප්‍රජෝයන ලැබුහ.
                                    මහනොවර යුගයේ විදිමත්ව පවතී කුල ක්‍රමය අද වනවිට සැගවුණු රහසිගත බෙදීමක් බවට පත්වී ඇත.වර්තමානය තුළදී කුල වෙනස්කම් හදුනා ගැනීමට  හොඳ මිනිස්සු , අඩු කුලේ අය,හිනා ජාති ආදී යෙදුම් යොදාගනී. සමකුලේ අයෙක හැදින්වීමට අපේ කෙනෙක් , අපේ කට්ටිය වැනි වදන් භාවිතා වේ . 







සිංහල සමාජයේ  කුල සංයුතිය

පුර්ණ එකගත්වයක්  නොමැති අනුපිළිවෙළ
   කුලයේ
                  නම
පාරම්පරික
                    වෘත්තීය
මුළු සිංහල ජනගහනයෙන්
%ක ලෙස
1
ගොවිගම



             රදල
ඉඩම් හිමි ප්‍රභූ
0.001

              ගොවි
ගොවිතැන
49.000

               පට්ටි
ගව පාලනය
0.001
2
කරාව
මසුන් මැරීම
5.000
3
සලාගම
කුරුඳු තැලීම
3.000
4
දුරාව
රා මැදීම
2.000
5
හුනු
අළු හුනු කර්මාන්තය
0.002
6
ආචාරි / ගල්ලදු  / නවන්දන්න
ලෝකුරු වැඩ
0.500
7
හේන  / රදා
රෙදි ඇපිල්ලීම
3.000
8
වහුම්පුර / හකුරු
හකුරු සැදීම
12.500
9
කුඹල්  / බඩහැල
වලං  සැදීම
2.500
10
දුර



        වෙල්ලදුර /බෝධි
ශ්‍රී මහා බෝධිය රැකගැනීම


        පන්නදුර
ඇත් ගොව්වෝ

11
නැකති / බෙරවා
නැටුම් / නක්ෂත්‍ර වැඩ
3.000
12
බත්ගම / පදූ
සේවක / බර උසුලන්නෝ
18.000
13
ගහල
මළ බෙර ගැසීම
0.001
14
කින්නර
පැදුරු විවීම /හණ කර්මාන්තය
0.300
15
රොඩී / හුලවාලි
හිඟමන / කොහු ඉදල් සැදීම
0.001

වෙනත් +

1.493
+ ඉතා අඩු සංඛ්‍යාවක්  සිටින සෙසු කුල අතර පොරව,කරා,ඔලී,පලි හින්න,බාබර් සහ ගත්තර යන කණ්ඩායම් ඇතුළත් වෙති.


සිංහල කුල ක්‍රමයේ කුල 15ක් පමණ සමන්විතවන අතර අනුපිළිවෙළ ගැන සැලකීමේදී  ඉහළම හා පහළම මට්ටම ගැන පොදු මතයක් තිබුණද මැද තත්වයන් පිළිබදව මතබේද ඇත.
ඒඒ  පුද්ගලයාගේ තත්වය අනුව වචන  භාවිතය  ආසන පැනවීම සිදුවිය



ඇමතුම් පදය                          තත්වය                         ආසන විශේෂය                                 තත්වය
දෙයියෝ                               ඉහළ                                 හාන්සි පුටුව                                   ඉහළ
හාමුදුරුවෝ                                                                   කච්චිය
අප්පෝ                                                                          පුටුව                                               සම
නිළමේ                                                                          පුටු භාගය
රාළහාමි                                                                        කොලොම්බුව   
මහත්තය                                                                       පැදුර
තමුන්නාන්සේ                                                               පිල                                               පහළ
පුද්ගල නාම                             සම
තමුසේ
උඹ
අඩා
තෝ                                      පහළ      



මේ පිළිබද විචාරයක් ඊළඟ ලිපියෙන්   


4 comments:

  1. ලංකාවේ කුල ලිස්ට් එක එක ලේඛන වල එක එක විදිහයි

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් විවිධාකාරයි

      Delete
  2. ඔය රා මදින දුරාවෙ කුලේ අය සීයට දෙකක් ඉදලා තියෙනවා නේ..ඒ කාලෙ අනික් උනුත් පට්ට බීමක් බීළ තියෙන්නෙ නේ.. සීයට දෙකක් රා මදිනවා කියන්නෙ බොන්නත් ඒ තරං සෙට් එකක් ඉ්නන එපාය.

    ReplyDelete
  3. බත්ගම,පදු කියන්නේ එකම කුලේටද

    ReplyDelete