Tuesday, January 3, 2012

දුම්රියපොළ

අපි කවුරුත් දැකල තියන තැනක්

දුම්රියපොළට අනන්තවත් දුම්රිය එනවා යනවා.
ඒ වගේතමා අපේ ජීවිතයටත් මිනිස්සු එනව යනවා..
සීග්‍රගාමී වගේම මන්දගාමී දුම්රිය තියනවා වගේම
ඉතාම ඉක්මනින් අපේ ජිවිතයට ඇතුළුවන වගේම
ඉතාම හෙමින් අපේ ජිවිතයට ඇතුළුවන අය ඉන්නවා.
සීග්‍රගාමී දුම්රිය ඉතාම ඉක්මනින් දුම්රියපොළෙන්
ඉවත්වෙලා දුම්රිය වේදිකාව හිස්කරනවා.මන්දගාමී දුම්රියද
ඊට දෙවැනි නැ. ඒවගේ තාම මිනිස්සු ජිවිතෙන් යනකොට
ජිවිතේ හිස්බවක් දැනෙනවා.
ඒක  තාම මේ ජිවිතේ යතාස්වරුපය
ඒගැන හිතල කළකිරෙන එකේ තේරුමක් නැ.
අළුත් විදිහට හිතල ආයේ ජීවිතය ගොඩනගන ඒක තාම හොඳම දේ
මොකද එක දුම්රියක් ගියාට දුම්රියපොළට  තව දුම්රියක් එනවා.
ඒත් තියන ගැටළුව ඒ එන දුම්රියත් කළින් ආව දුම්රිය වගේමද කියන එකයි.

No comments:

Post a Comment