Thursday, January 26, 2012

මිනිසා VS මිනිසා

සමහර මිනිස්සුන්ගෙන් අපිට පුරුදු කියන දේවල් ඉබේම ලැබෙනවා.
ඒවා නිරායාසයෙන් ලැබෙන දේවල්. මිනිස්සු තමන්ට ලංවෙන්න ලංවෙන්න පුරුදු තමන් වෙත නිරායාසයෙන් ලැබෙනවා. කවදාවත් ඒ පුරුදු අපි ලබාගන්නේ නෑ. ඔන්න ඔහොමයි මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට ක්‍රියාකාරකම් මාරුවෙන්නේ. ඒක කොපි කිරීමක් කියන්නත් බෑ.ඒත් ඒකත් එක්තරා විදිහක කොපි කිරීමක්. කල්පනා කරලා බලන්න ඔබත් මේවගේ තත්වයකට මුහුණදීලා තියෙනවද කියල. ඔව් ඔබට මතක වුණා. දැන් බලන්න ඒ කෙනා තමන්ට කොච්චර සමීපද කියල. සමීප වෙන්න වෙන්න පුරුදු හුවමාරු වෙනවා වැඩියි. ඒ මිනිස්සු කවද කොහොම මොන තත්වයක් යටතෙ හරි තමන්ගෙන් ඈත් වෙලා ගියත් ඒ පුරුදු රැදිලා තියනවා සදාකාලිකව. ඉතින් තමන්ගේ සමිපයන්ගෙන් හොඳ ගන්න අමතක කරන්න එපා....

No comments:

Post a Comment