Friday, January 20, 2012

මගේ පණ ඔයා

ආදරය ......    දෙදෙනෙකු මුල්වරට හමුවීමෙන් එකිනෙක කෙරෙහි ඇතිවන ආකර්ෂණය
මත ගොඩනැගෙන්නකි. ඔතනින් තමා ආදරේ පටන්ගන්නේ. ඉතින් ඔහොම පටන්ගන්න ආදර සබදතා ඕනෑතරම් අද සමාජය තුල දකින්න පුළුවන්. එත් ඒ සබදතා කොච්චර දුරට සාර්ථක වෙනවද කියන එක තමා ගැටළුව. ඔයාට මම මෙගේ පණටත් වඩා ආදරෙයි, ඔය මගේ පණ, ඔය නැතුව මට ජිවිතයක් නෑ , මට මේ ලෝකේ ඔය ඇර වෙනකෙනෙක් නෑ, මම කවදාවත් ඔයාව දාල යන්නේ නෑ, වගේ කාටත් පොදු වචන කියල තමා පටන් ගන්නේ. ටික දවසක් යනකොට තමා කෙළිය පටන් ගන්නේ. මට ඔයාව හම්බෙන්න ඕන, මට ඔය දකින්නෙ නැතුව ඉන්න බෑ කියල කොල්ල පටන්ගන්නවා තුරුම්පු ගහන්න. ඔන්න ඉතින් කෙල්ලත් එනව බැ බැ කියල බැරිම තැනදී. ඊට පස්සේ ඉතින් කියපියකෝ මෙහෙම එළියේ කතා කරන්න බැ හැමෝටම පේනවා අපි කවුරුත් නැති තැනකට යමු. ඔන්න ඉතින් කෙල්ලත් බයේ ගැහි ගැහි ආව නිසා කවුරුත් දකිනවට බයේ කොල්ල කියන තැනකට යනවා. ඉතින් කොල්ල අන්ඩපාලය නම් වෙනදේ කියන්න ඕනේ නැනේ. ඔන්න අපේ වචන වලින්ම කියනවනම් කෙල්ලව ගානට රූම් 1 ට අදිනවා. ඔන්න ඕකයි අද තත්වේ.
                                                               ඇත්තටම තමන්ගේ කෙල්ලට ආදරේ කොල්ලෙක් අතින් කවදාවත් කෙල්ලට අවැඩක් වෙන්නේ නෑ. ඇත්තටම ආදරේ කරනවා නම් කවුරුදැක්කත් මොකද? දැන් ඉතින් රූම් ගතවෙලා ඔන්න ටිකක් කතා කරකර ඉන්නවා, ඊටපස්සේ ටික ටික දෙන්න ලංවෙනවා . ඔන්න කොල්ල කියනවා මට ඔයාව මතක් වෙන්න ෆොටෝ එකක් ගන්න ඕන කියල. ඉතින් කෙල්ලත් පවුනේ කියල ඉඩ දෙනවා. ඊටපස්සේ ඇඳුම් ටික අඩුවෙලා ෆොටෝ ගහනවා. අන්තිමට තමන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝ කරලා තමා නවතින්නේ. කෙල්ලව තමන්ට අවශ්‍ය තැනට යොමුකරවගන්න මේ කමාතුරයන්ට හොඳ දක්ෂතාවක් තියනවා. ඉතින් මෙහෙම වීඩියෝ කරන ඒවා නවතින්නේ ආන්තර්ජලයෙන්. අන්තිමට තමන්ගේ පෙම්වතා කියල හිතාගෙන ඉන්න කාමාතුරයට ආත්මගෞරවය පාවා දුන්නම මුළු ලෝකයම තමන්ගේ නිරුවත දකිනවා කියල ඇය හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. මේවිදියට අන්තර්ජාලයේ අලවි වෙන්නේ අපේම නංගිලා අක්කල පොඩ්ඩක් හිතන්න.
                                   ආයේ ආයේ හිතන්න තමන්ගේ අක්කකෙනෙකුට නංගිකෙනෙකුට මෙහෙම දෙයක් වුනොත් ඔබට කොච්චර රිදෙනවද? ඒ කෙල්ල ආයේ කොහොමද සමාජයට මුහුණ දෙන්නේ?  ඇත්තටම ආදරය කරන කොල්ලෙක්ට කවදාවත් බෑ මේවගේ පහත් අපේ වචනෙන් කිව්වොත් සක්කිලි වැඩක් කරන්න. මේවගේ වින්දනයක් ලබන්න ආදරය කරන්න ඕන නැනේ. ඒවගේ කට්ටියට ඒවාට හරියන අය ඔනතනම් ඉන්නවනේ. ඇයි මේවගේ වැඩවලට අහිංසක කෙල්ලෝම ගන්නේ? මොකද ගම්වල ඉදන් නගරෙට ආපු කෙල්ලෝ දන්නේ නෑ නගරේ ඉන්න කොල්ලන්ගේ හැටි. මේවගේ අයට කොල්ලෝ කියන එක කොල්ලන්ට කරන අගෞරවයක්. මේවගේ එවුන්ට කියන්න ඕන සක්කිලි නැත්නම් සල්ලාලයෝ. ඉතින් ගමෙන් අපු එකිත් යනව ටවුමේ ඉන්න කෙල්ල වගේ සුකුරුත්තම් දාගෙන පාරේ. දැන් ගමෙන් ආපු එකී ටවුමේ කෙල්ලට වැඩ පොෂ් (අපිනම් මෙහෙම අයට කියන්නේ පුස් කියල). ඉතින් අර සල්ලාලයෝ ටික දන්නවා මෙකි හැරෙනකොටම පුස් කියල. ඉතින් නිකම්ම අහුවෙනවා. අන්තිමට බඩකුත් හදාගෙන තමා නවතින්නේ.
කෙල්ලෙක් වුනත් තේරුම ගන්න ඕන කොල්ල හැරෙනකොට "ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න" තමයි කියන එක. මොකද තමන්ට වැරදුන දාට කවුරුවත් එන්නේ නෑ තමන්ව බේරගන්න. විශේෂයෙන් කෙල්ලෙක් අනාථ වුන දාකට වටේ ඉන්න එකත් බලන්නේ වපර ඇහින්, එකත් බලන්නේ කොහොමද මං මේකිත් එක්ක සෙට් වෙන්නේ කියල. පොඩ්ඩක් මේ ගැන පැත්තකට වෙලා හිතල බලන්න. එතකොට ඔයාලටම තේරේවි මේ කතන්දරේ ඇත්ත නැත්ත.  කවදාවත් තමන්ගේ ආත්මගරුත්වය පාවාදෙන්න එපා. මම දන්නා අය ඉන්නවා එහෙම පාවා දීපු. ඒ අය අද දුක් වෙනවා තමන් තමන්ගේ ජිවිතයට කරගත්ත හානිය ගැන.
ඕනෑම දෙයක් කරන්න කළින් ටිකක් පැත්තකට වෙලා හිතල බලන්න මම මේ කරන දේ හරිද වැරදිද කියල. මොකද හරි වුනත් වැරදි වුනත් ඒකෙන් විදවන්නේ ඔයාමයි වෙන කවුරුවත් නොවෙයි.
ඒ නිසා ලැබුන ඔළුගෙඩිය ඇතුළේ  තියන මොළ ගෙඩියෙන් හොඳට කල්පනා කරලා, තමන් කරන දෙයක් කරන්න. මොකද අපි ඉන්නේ ලංකාවේ මිස එංගලන්තේ නෙවෙයි. ඒවගේම තමන්ගේ කෙල්ලට හෝ තමන්ගේ යෙහෙළියන්ට මෙවන් විපතක් වෙන එක වළක්වන එක හැම කොල්ලෙක්ගේම යුතුකමක්.

3 comments:

  1. මාරයි මචං.. දිගටම ලියන්න..

    ReplyDelete
  2. thanx machan la

    ඔයාලගේ සප් එක හැමදාම තියනවනම් මම දිගටම ලියන්නම්.

    ReplyDelete