Friday, January 20, 2012

ඔය ඇස් දෙක

මා මිතුරන් සමග හොරණ බලා යාමට පිළියන්දලින් බසයකට ගොඩවුනෙමි.
මද වෙලාවක් ධාවනය වූ බසය ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පිරවුම්හලකට ඇතුළු විය. මා සිටියේ ජනේලයක් අසලය.
මට ඉන්ධන පිරවුම්හලේ කාර්යාලයේ සේවය කරන යුවතිය පෙනෙයි. ඇය කාර්යාලය පිරිසිදු කරයි. ඇයගේ සියළු ඉරියවු මට නිරීක්ෂණය කල හැක. මට ඈ පෙනුනද, ඇයට බසය තුල සිටින මා නොපෙනේ. (ඇය නොමනා හැසිරීමක නොයෙදුන බව කරුණාවෙන් මතක්කරනු කැමැත්තෙමි)
මොහොතක් සිතන්න.අප අවට දකින්නේ අපේ ඇස් දෙකෙන් පමණි. දෙනෝදාහක් ඇස් අප වෙත යොමුවී ඇතිබව මොහොතකට හෝ අපට සිහිවන්නේ නැත. ඇස් , ඔව් ඇස් පෙන්නන හැමදේම සත්‍යයි හිතන්න බෑ. මොකද ඇස් අපිව රවටන වර අනන්තයි අප්‍රමාණයි. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතාකරකර ඉන්නවා දැක්ක පළියට අපිට හිතන්න බෑ ඒ දෙන්න පෙමින් බැදිලා කියල. එකනේ මොහිදීන් බෙග් මහත්තයගේ  සින්දුවක් තියෙන්නේ "ඇසින් දුටුදේ බොරුවී නොයේදෝ" කියල.
එනිසා අපිට උපතින් ලැබුණ මේ දායාදය අපි රැකගන්න ඕන වගේම එයින් නිසි ප්‍රයෝජන ගන්නත් ඕන. මොකද අමුතුවෙන් කියන්න දෙයක් නැනේ ඇස් දෙක නැති මනුස්සයෙක් විදින වේදනාව ගැන

මේකත් හොඳට මතක තියා ගන්න ඇස් දෙකකින් අපි ලෝකය දැක්කට දෙනෝදාහක් ඇස් අපිවෙත යොමුවෙලා තියනවා. ඒකනිසා යමක් කරන්න කළින් දෙපාරක් හිතන්න.....

7 comments: