Tuesday, January 3, 2012

Blue බැලුව නේද ?



වැඩිය කවුරුත් කතා නොකරන හැමදෙනාම දන්න දෙයක් තාම මේක.
කව්රුත් දන්නවා දන්නේ නැ වගේ ඉන්නවා. අසභ්‍ය චිත්‍රපට බැලුවම ඇත්තටම වෙන්නේ මනස විකෘති වීමක්. ඔබ මේ දෙයට ඇබ්බැහි වුනොත් එකෙන් මිදෙන්න අමාරු වේව්.
සමහරු කියනවා අසභ්‍ය චිත්‍රපට නොබලා ලිංගික කටයුතු හා ඒවාට අදාළ ක්‍රම දැනගන්න බැරිලු එක නිසයි ඒවා බලන්නේ. ඇත්තටම මේ කතාව ඇත්තක්ද? එතකොට ඒ කාලේ අපේ සීයල ආච්චිලා ළමයි හැදුවෙත් මේවා බලලද? මේවා නිකන් හිතෙන් මවාගත්ත දේවල් තමන්ට අසභ්‍ය චිත්‍රපට බලන්න ඕන කමට හදාගත්ත මනස්ගාත.
                                          ඔයාලම හිතල බලන්න අසභ්‍ය චිත්‍රපට බලන්න කලින් හිටපු ඔබත් අද ඉන්න ඔබත් හිතින් සංසන්දනය කරලා බලන්න. දැන් පේනවා නේද කොච්චර හිත දුෂණය වෙලාද කියල. එදා ඔබේ තුන් හිතකවත් නොතිබුණ කාමුක සිතිවිලි ඔබේ හිතේ නැ කියල ඔබට කියන්න පුළුවන්ද? අසභ්‍ය චිත්‍රපට වලින් ලැබෙන්නේ ක්ෂණික ආස්වාදයක් විතරයි.ඒවායින් ජිවිතයට ලබාගන්න දෙයක් නැහැ. මම හිතන්නේ ඔයාල හිතට අවංකව හිතුවොත් මම කියන්නේ  ඇත්තක් කියල තේරේවි. අසභ්‍ය චිත්‍රපට විතරක් නෙවි අසභ්‍යකතන්දර පවා අන්තර්ජාලය පරිශිලනය කරන ඔබට සුලබව දකින්න ලැබෙන දෙයක්. කට්ටිය කීමට කියන්නේ එක කතාවක් කියවන එක අසභ්‍ය චිත්‍රපට දෙක තුනක් බලනවා වගේ කියල. එතකොට හිතාගන්න ඇහැකි නේද එකෙන් මනසට වෙන හානිය.
                                         පුංචි දරුවෙක්ට ලැබෙන්නෙ පිරිසිදු මනසක්. මේවගේ දහජරාව බලල ඒ පිරිසිදු මනස දුෂණය කර ගන්නවා කියන්නේ කොච්චර අපරාදයක්ද? ඔයගොල්ලෝ කවුරුත් දන්නවා අද ලංකාවේ හැමතැනම ඕන තරම් ඉන්ටෙර්නෙට් කැෆේ තියනවා. කීයෙන් කීදෙනාද මේ කැෆේ එකකට ගිහින් තමන්ට වැදගත් වැඩක් කරන්නේ. හොඳට බැලුවොත් දකින්න පුළුවන් 6 වසරේ 7 වසරේ පොඩි එකා පවා මේවට රිංගන අපුරුව. ඉතින් ඔය අසභ්‍ය චිත්‍රපට බලල බලල  කාලයක් යනකොට එකේ තියන දේ අත්හද බලන්න මේපොඩියෙවුන්ට ඕන වෙනවා. ඊටපස්සේ මොකද වෙන්නේ මොන ක්‍රමයෙන් හරි එවුන් තමන්ගෙ අවශ්‍යතාව ඉටුකරගන්න හදනවා.ඇත්තටම මේක මහා ඛේදවාචකයක්. අන්තිමේදී හය හතර හරියට නොතේරෙන මේ පුංචියෙවුන්ගෙ අනාගතය නිකරුනේ විනාස වෙනවා. රටේ බාල අපරාද ස්ත්‍රී දුෂණ ආදිය වැඩිවෙලා තිරිසන් මිනිස්සු ඉන්න තත්වයට වැටෙන්න එක මාර්ගයක් මේක. බුද්ධිමත්ව හිතල බලන්න මේ ඛේදවාචකය ගැනත්.
මම කියන්න හදන්නේ මේකයි. ඇත්තටම අසභ්‍ය චිත්‍රපට වලින් අපිට ලැබෙන දෙයක් නෑ. පුලුවන්නම් ඒ දේවලින් ටිකෙන් ටික හෝ ඈත් වෙන්න. ඔබට උපතින් ලැබුණ වටිනාම වස්තුවක් වුන ඔබේ සිත රැකගන්න. තමන්ගෙ සිත පාලනය කරගන්න බැරිවුන පුද්ගලයට පැවැත්මක් නැ. තමන් තමන්ගෙ සිත පාලනය කරගත යුතුයි, නැත්නම් සිත තමන්ව පාලනය කරවී. එතකොට ඔබ ප්‍රමාද වැඩිවෙන්න පුළුවන්. තවමත් ඔබ ප්‍රමාද නෑ සිත පාලනය කරගන්න. සිත ඇත්නම් පත කුඩාද? කියල කියමනක් තියෙන්නේ කට කහනවට කියපු එකක් නොවනබව හිතට ගන්න.

2 comments: